පොදුරාජ්‍ය මණ්ඩලයීය තේරීම් තරගාවලියේ දී බලාපොරොත්තු ගිලිහෙයි – තිදෙනෙකු සාර්ථකයි (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

අප්‍රේල් මස ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හීදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළේලේ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෙරීමේ තරගාවලිය ඉතා අවම ක්‍රීඩක සහභාගිත්වයක් යටතේ පැවැත්විණ.

ඊට මූලික හේතුව ලෙස සැලකිය හැක්කේ, තරග නොමැති විවේක කාලයෙන් පසුව පැවති පලමු තරගාවලිය මෙන්ම, නිසි පහසුකම් රහිතව සහභාගීවීමෙන් බලාපොරොත්තුවූ දක්ෂතා දැක්වීමට අපහසු වීම විය හැක.

කෙසේ වෙතත්, මෙම අවම තරගකාරීත්වයක් යටතේ පැවැති තරගාවලියේදී ද අපේක්ෂිත දක්ෂතා දැක්වීමට ක්‍රිඩකයන් කිහිප දෙනෙකු හා ක්‍රීඩිකාවක සමත්විය.

මීට තෙමසකට පෙර අප අතරින් වියෝවූ ඒ.ජේ. රොද්‍රිගෝ මහතා යටතේ පුහුණුවීම් සිදුකළ යුදහමුදාවේ නදීෂා ලේකම්ගේ ක්‍රීඩිකාව මෙහිදී ඉහල දක්ෂතා දැක්වූ‍යේ පුහුණුකරු රහිතව පුහුණුවීම් සිදුකරමින්ය.

ඇය සුදුසුකම් සපුරාලමින් කාන්තා හෙල්ල විසිකිරීමෙන් මීටර් 58 සීමාව පසු කළාය.

පුද්ගිලික හොඳම දක්ෂතාවය ද ඇය මෙහිදී දැක්වූ මීටර් 58.41 ක දක්ෂතාව දැක්විය හැක.

හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් ද මීටර් 80 සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම අභිබවා යාමින් පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වීම යුද හමුදාවේ සම්පත් රණසිංහ සමත්විය.

මීටර් 81.22 ක දක්ෂතාවක් දැක්වූ සම්පත්, මෙරට හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ මීටර් 80 සීමාව පසුකළ තෙවැන්නා ලෙස ද වාර්තා අතරට එක්විය.

2016 රියෝ ඔලිම්පික් තරගාවලියට එක්වූ සුමේධ රණසිංහ මෙහිදී දැක්වූයේ මීටර් 76.82 ක දක්ෂතාවකි.

මෙම ඉසව්වට එක්වීමට නියමතිවූ වරුණ ලක්ෂාන් දයාරත්න, මේවනවිට විදෙස්ගතව පුහුණුවීම් සිදුකිරීම හේතුවෙන් තේරීම් තරගාවලිය සහභාගීවූයේ නැත.

උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාර විජේසේකර ද මීටර් 2.24 පරිසාධන මට්ටම පහසුවෙන් තරණය කිරිම ද විශේෂත්වක් විය.

32 හැවිරිදි මංජුලගේ ආසන්නයට හෝ පැමිණීමට උස පැනීමේ ක්‍රීඩකයෙකු අපොහොසත්වීම මගින් පෙනී යන්නේ, උස පැනීමේ ඉසව්වේ ආධිපත්‍ය මංජුලගෙන් පසුව ශ්‍රී ලංකාවට අහිමිවන දිනය වැඩි ඈතක නොවන බවවේ.

100 ද්වන්ධ සටනින් විනෝජ් දිනයි – හිමාෂගෙන් ප්‍රභල අභියෝගයක්

තේරීම් තරගාවලියේ දී 400 ක්‍රීඩකයන් බලාපොරොත්තු බිඳ දමයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා – දුර පැනීමේ ඉසව්වට සහභාගි කරවයි ද ?

තේරීම් තරගාවලිය – කාන්තා කෙටිදුර ඉසව්වන්ට සහභාගීත්වයක් නැහැ.

තේරීම් තරගාවලිය – නිමාලි හා ගයන්තිකා සුපුරුදු දස්කම් අතරට

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org