තේරීම් තරගාවලිය – නිමාලි හා ගයන්තිකා සුපුරුදු දස්කම් අතරට (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහාවන තේරීම් තරගාවලියේ දී සුපුරුදු ලෙස නිමාලී ලියනාරච්චිට හා ගයන්තිකා අබේරත්නට තනිව තරගවැදීමට සිදුවිය.

ඔවුන් දෙදෙනා පමණක් සහභාගීවුව ද සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් මිනිත්තු 2:05 ක කාලයකට අඩුවෙන් තරගය අවසන් කිරීමට දෙදෙනාටම හැකිවිය.

ක්‍රීඩාංගණයේ කඩතොලු මගහරිමින් දුෂ්කර තරගයක නිරතවුවද, මොවුන් තේරීම් තරගයට ඉදිරිපත්වීම පැසසිය යුතුවේ.

දියගම කෘතීම ධාවන පථයේ පළමු මංතීරුව මේවනවිට ධාවනය කළ නොහැකි තත්ත්වයක පැවතිය ද නිමාලී ලියනාරච්චි මිනිත්තු 2:04.11 කින් තරගය අවසන් කළ අතර ගයන්තිකා මිනිත්තු 2:04.68 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත්විය.

කෙසේ වෙතත් අතීත දක්ෂතා සැලකිල්ලට ගෙන හෝ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම ඉදිරි පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට සහභාගීකරවීමට අවධානය යොමුකළ යුතුවේ.

2017 වසරේ නිමාලී හා ගයන්තිකාගේ දක්ෂතා

RANK MARK COMPETITOR VENUE DATE
1 2:02.55 Gayanthika ARTIGALA Diyagama (SRI) 09 APR 2017
2 2:02.58 Nimali W.K.L.A. Diyagama (SRI) 09 APR 2017
3 2:03.78 Gayanthika ARTIGALA Jinhua (CHN) 24 APR 2017
4 2:03.87 Gayanthika ARTIGALA Taipei (TPE) 30 APR 2017
5 2:05.23 Nimali W.K.L.A. Bhubaneshwar (IND) 09 JUL 2017
6 2:05.27 Gayanthika ARTIGALA Bhubaneshwar (IND) 09 JUL 2017
7 2:05.69 Gayanthika ARTIGALA Diyagama (SRI) 02 SEP 2017
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org