පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා – දුර පැනීමේ ඉසව්වට සහභාගි කරවයි ද ? (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තේරීම් හී දී දුර පැනීමේ ඉසව්ව කෙරෙහිත් වැඩි දෙනාගේ අවධානය යොමුවිය.

පසුගිය කාල වකවානුවේ දී දුරපැනීමේ ක්‍රීඩකයන් එකිනෙකා පරයා දක්ෂතා දැක්වීම හේතුවෙන් මෙම ඉසව්වේ වැඩි තරගකාරිත්වයක් බලාපොරොත්තු විය.

නමුත්, ප්‍රසාද් විමලසිරි හැරුණු විට, අමිල ජයසිරිට හා ධනුක ලියනපතිරණට ද උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවිය.

ප්‍රසාද් මීටර් 7.81 ක උපරිම දක්ෂතාවක් දැක්වුව ද පරිසාදන මට්ටම වු මීටර් 8 ට එය ප්‍රමාණවත් නොවීන.

පසුගිය වසර පුරාම පාදයේ ආබාදයකින් පීඩා විඳිමින් සිටි අමිල ජයසිරිට ද මෙම තරගයේ දී දැක්වීමට හැකි වූයේ මීටර් 7.65 කි.

ධනුක ලියනපතිරණ මෙහිදී සිව්වැන්නා ලෙස මීටර්
7.59 ක උපරිම දක්ෂතාවාක් දැක්වූයේ, ග්‍රේෂන් ධනංජයට දෙවැනි වෙමිනි.

ග්‍රේෂන් තුන්වැනි හොඳම දක්ෂතාව දැක්වීවේ මීටර් 7.64 ත් ලෙස වේ.

මේ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ට දුර පැනීමේ ක්‍රීඩකයෙකු ඇතුළු වේ දෝ සැක පළවේ.

නමුත් මෙම වසරේ තරග කාල සටහන හා තේරීම් තරගාවලිය පැවති ක්‍රීඩාංගණයේ පහසුකම් සැලකීමේදී එක් ක්‍රීඩකයෙකු තෝරාගතහෝත් ඉදිරි තරගාවලි මෙන්ම පුද්ගලිකව අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් වනු ඇත.

පසුගිය වසර පුරා ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org