තේරීම් තරගාවලියේ දී 400 ක්‍රීඩකයන් බලාපොරොත්තු බිඳ දමයි. (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තේරීම් තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්ව්වෙත වැඩි අවධානයක් යොමු විය.

ඒ, මෙවර තරගාවලියට මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට වැඩි අවධානයක් යොමුව තිබිම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම ඉසව්වට සහභාගීවූ කිසිදු ක්‍රීඩකයෙකුට තත්පර 47 ට අඩු කාලයකින් තරග ඉසව්ව අවසන් කිරිමට හැකි වූයේ නැත. එසේම, ඔවුන්ගේ උපරිම දක්ෂතා කෙසේ වෙතත්, සුපුරුදු දක්ෂතා හෝ දැක්වීමට අපොහොසත් වීම මත සහාය කණ්ඩායමක් සහභාගීකරවනවාද නැද්ද යන්න අවධානයට ලක්කල යුතුවේ.

මීටර් 400 මූලික වටයේ තරග 

ඒ වෙනුවෙන්, ඒකල ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් තුන හතරක් වෙත සහභාගී කරවීමේ අවස්ථාව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයට හිමිවේ.

මීටර් 400 තේරීම් මූලික වටයේ පළමු තරගයේ දී අජිත් ප්‍රේමකුමාර පහසු ජයක් වාර්තා කළ ද එහිදී ඇතිවූ ආබාද තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවිය.

දෙවැනි මූලික තරගය ජයගත් දිලිප් රුවන් ද, අවසන් තරගය ජයගත්තේ තත්පර 47.22 ක සාමාන්‍ය කාලයක් වාර්තා කරමිනි.

අවසන් තරගයේ වීඩියෝව 

එම අවසන් තරගයේ තරග කරුවන්ගේ කාලයන් පහත පරිදි වේ.

දිලිප් රුවන් 47.22
අන්ජන ගුණරත්න 47.34
කාලිංග කුමාරගේ 47.50
අරුණ දර්ශන 47.73
තරුෂ ධනංජය 47.90
චානක ජයසේකර 47.91

පසුගිව වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මීටර් 400 දී දැක්වූ දක්ෂතා

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org