100 ද්වන්ධ සටනින් විනෝජ් දිනයි – හිමාෂගෙන් ප්‍රභල අභියෝගයක් (Video)

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තේරීම් තරගාවලියේ තරගකාරීබවෙන් ඉහළින්ම වූ ඉසව්ව ලෙස මීටර් 100 පිරිමි ඉසව්ව සඳහන් කළ යුතුය.

කලක පටන් එකිනෙකා පරාජය කිරීමේ නිහඬ අරගලයක යොදුණු හිමාෂ ඒෂාන් හා විනෝජ් සුරංජය ද සිල්වා මෙහිදී ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමේ අරමුණින් තරග වැදිණ.

පළමු මූලික වටයේ තරගයේ දී හිමාෂ තත්පර 10.36 ක් දක්වූ අතර, විනෝජ් තත්පර 10.33 ක දක්ෂතාවක් දැක්වීය.

මූලික වටයේ තරග අවස්ථා

කෙටිදුර ධාවන ඉසව්වක් සඳහා අවශ්‍ය අවම පහසුකම් යටතේ වුවද මේ ක්‍රීඩකයන් දෙදෙනා සෙසු සියල්ලන්ටම අභියෝගයක් කිරිමට සමත්වූයේ ශ්‍රී ලංකා වාර්තාව මෙරටදී අලුත් කිරීමේ අවස්ථාව තත්පර දශම ගණනකින් අහිමිකරගනිමිනි.

අවසන් තරගයේ දී, හිමාෂ අභිබවා ජය ගැනීමට විනෝජ් සුරංජය සමත්වූයේ තත්පර 10.29 ක කාලයක් වාර්තා කරමිනි.

එය ශ්‍රී ලංකාවේ දී පිරිමි මීටර් 100 ඉසව්වෙන් වාර්තා වූ වේගවත්ම කාලය වේ.

පසුගිය වසරේ දී විනෝජ් සුරංජය විසින්ම තත්පර 10.30 ක දක්ෂතාවක් දක්වමින් ඉහත වාර්තාව අළුත් කළේය.

එසේම ශ්‍රී ලංකා ඉතිහාසයේ සිව්වැනි හොඳම කාලය ලෙස ද ඉහත දැක්වූ 10.29 ක් දැක්විය හැක.

හිමාෂ ඒෂාන් එහිදී තත්පර 10.32 ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්වුණ ද ඉහත ක්‍රීඩකයන් දෙදෙනාම දැක්වූ දක්ෂතා දියගම කෘතීම ධාවන පථයේ දැක්විම පැසසුමට ලක්කළ යුතුමය.

අවසන් තරගයේ අවස්තා

2017 වසරේ මීටර් 100 දක්ෂතා

RANK MARK WIND COMPETITOR VENUE DATE
1 10.29 +2.3 Himasha Eashan WATHTHAKANKANAMGE Kingston (JAM) 15 APR 2017
2 10.30 -0.5 Vinoj Suranjaya De Silva MUTHUMUNI Diyagama (SRI) 01 JUN 2017
3 10.32 -0.1 Vinoj Suranjaya De Silva MUTHUMUNI Diyagama (SRI) 01 JUN 2017
4 10.41 +0.1 Himasha Eashan WATHTHAKANKANAMGE Taipei (TPE) 30 APR 2017
5 10.43 -0.3 Himasha Eashan WATHTHAKANKANAMGE Jinhua (CHN) 24 APR 2017
6 10.44 0.0 Vinoj Suranjaya De Silva MUTHUMUNI Bhubaneshwar (IND) 06 JUL 2017
6 10.44 +0.5 Vinoj Suranjaya De Silva MUTHUMUNI Bhubaneshwar (IND) 07 JUL 2017
8 10.47 +0.2 Himasha Eashan WATHTHAKANKANAMGE Jiaxing (CHN) 27 APR 2017
8 10.47 -0.1 Himasha Eashan WATHTHAKANKANAMGE Bhubaneshwar (IND) 06 JUL 2017
8 10.47 NWI Yupun Abeykoon MUDIYANSELAGE Diyagama (SRI) 05 OCT 2017
11 10.50 +1.0 Vinoj Suranjaya De Silva MUTHUMUNI Diyagama (SRI) 31 AUG 2017
12 10.52 +0.9 Yupun PRIYADARSHANA Diyagama (SRI) 01 SEP 2017
13 10.53 0.0 Himasha Eashan WATHTHAKANKANAMGE Bhubaneshwar (IND) 07 JUL 2017
14 10.55 NWI Himasha Eashan WATHTHAKANKANAMGE Kingston (JAM) 25 MAR 2017
15 10.57 -1.0 Yupun Abeykoon MUDIYANSELAGE Roma (ITA) 06 MAY 2017
16 10.58 -0.1 A.L.M. ASHROF Diyagama (SRI) 01 JUN 2017
16 10.58 -0.2 Yupun Abeykoon MUDIYANSELAGE Roma (ITA) 18 JUN 2017
18 10.62 +1.0 A.L.M. ASHROF Diyagama (SRI) 09 APR 2017
19 10.63 -0.6 Vinoj Suranjaya De Silva MUTHUMUNI Sydney (AUS) 31 MAR 2017
20 10.64 +0.3 A.L.M. ASHROF Diyagama (SRI) 01 JUN 2017
20 10.64 NWI Himasha Eashan WATHTHAKANKANAMGE Diyagama (SRI) 05 OCT 2017
22 10.65 -0.1 Shehan ABEYPITIYA Diyagama (SRI) 01 JUN 2017
22 10.65 NWI A.L.M. ASHROF Diyagama (SRI) 05 OCT 2017
24 10.67 +0.1 Vinoj Suranjaya De Silva MUTHUMUNI Sydney (AUS) 01 APR 2017
24 10.67 +1.0 W.P.D.K. WIJERATHNA Diyagama (SRI) 09 APR 2017
26 10.68 +0.4 Sumesh LAKSHITHA B.S.Begawan (BRU) 18 MAR 2017
26 10.68 A.L.M. ASHROF Diyagama (SRI) 09 APR 2017
28 10.69 NWI Yupun Abeykoon MUDIYANSELAGE Diyagama (SRI) 04 OCT 2017
29 10.70 -0.1 Safran MOHAMED S.M. Diyagama (SRI) 01 JUN 2017
30 10.71 +1.0 Vinoj Suranjaya De Silva MUTHUMUNI Diyagama (SRI) 09 APR 2017
30 10.71 +0.9 A.L.M. ASHROF Diyagama (SRI) 01 SEP 2017
32 10.72 -0.5 H.A.S. SAMPATH KUMARA Diyagama (SRI) 01 JUN 2017
32 10.72 +0.5 Yupun PRIYADARSHANA Diyagama (SRI) 31 AUG 2017
34 10.73 +0.3 Shehan ABEYPITIYA Diyagama (SRI) 01 JUN 2017
34 10.73 +1.4 H.A.S. SAMPATH KUMARA Jeongseon (KOR) 27 JUN 2017
34 10.73 NWI Himasha Eashan WATHTHAKANKANAMGE Matara (SRI) 23 SEP 2017
37 10.74 NWI A.L.M. ASHROF Diyagama (SRI) 04 OCT 2017
38 10.75 -0.1 H.A.S. SAMPATH KUMARA Diyagama (SRI) 01 JUN 2017
38 10.75 +1.0 H.A.S. SAMPATH KUMARA Diyagama (SRI) 31 AUG 2017
40 10.76 +1.0 Asiri WIJESEKARA Diyagama (SRI) 09 APR 2017
40 10.76 +0.3 Himasha Eashan WATHTHAKANKANAMGE Matara (SRI) 24 SEP 2017
42 10.77 +1.0 Vinoj Suranjaya De Silva MUTHUMUNI Diyagama (SRI) 09 APR 2017
42 10.77 -2.5 Yupun Abeykoon MUDIYANSELAGE Roma (ITA) 18 JUN 2017
42 10.77 +0.9 Shehan ABEYPITIYA Diyagama (SRI) 01 SEP 2017
45 10.79 +1.0 Asiri WIJESEKARA Diyagama (SRI) 09 APR 2017
45 10.79 -0.1 W.P.D.K. WIJERATHNA Diyagama (SRI) 01 JUN 2017
45 10.79 -0.3 K.H.A.V.C. GUNASENA Diyagama (SRI) 31 AUG 2017
45 10.79 +0.9 K.H.A.V.C. GUNASENA Diyagama (SRI) 01 SEP 2017
45 10.79 NWI Shehan ABEYPITIYA Diyagama (SRI) 04 OCT 2017
45 10.79 NWI Himasha Eashan WATHTHAKANKANAMGE Diyagama (SRI) 04 OCT 2017

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org