Sinhala

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඔලිම්පික් කමිටුවේ කුඩම්මාගේ සැලකිල්ල

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත මලල ක්‍රීඩා කණ්ඩායම තෝරගැනීමට දෙන ලද කාලය අවම වීමට ඔලිම්පික් කමිටුව සෘජුව වගකිව යුතු වන බව මේවනවිට පසක්ව තිබේ.

ඒ ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ දිනයේ නම් කිරීම මෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන කණ්ඩායම් තෝරාගැනීමට සෙසු කණ්ඩායම් වලට ද සැලකිය යුතු කාලයක් ලබා දී තිබීම හේතුවෙනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය මස 5 වැනිදාට පෙර තෝරාගැනීමට බල කිරීම මත තේරීම් තරගාවලිය ජනවාරි මස 27 වැනි දා පැවැත්වුව ද එහිදී නියමිත පරිසාධන මට්ටම අභිබවා යෑමට සමත්වූයේ මීටර් 2.24 ක උසක් තරණය කළ මංජුල කුමාර හා මීටර් 80 සීමාව අතික්‍රමණය කළ සම්පත් රණසිංහ පමණි.

ඉන් ඉහත හිරුණි විජේරත්න මැරතන් ඉසව්වෙන් පරිසාධන මට්ටම අභිබවා යමින් මැරතන් කාන්තා ඉසව්වෙන් තේරී පත්වූවාය.

ඊට අමතරව සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පරිසාධන මට්ටම පසුකිරීමට නොහැකි වූයේ, ශ්‍රී ලංකවේ පවතින ක්‍රමය අනුව තරග නොපැවැත්වෙන කාලයෙන් පසුව නියමිත කාලයට පෙර පැවැති තේරීම් තරගාවලිය නිසාවෙන් බව අතිශෝක්තියක් නොවේ.

කෙසේ වෙතත් ඔලිම්පික් කමිටු තීරණයට අභියෝගයක් කිරීමට මැලිවු මලල ක්‍රීඩා සංගමය හා නමට පමණක් තෙරීම් කමිටුවක් වූ මලල ක්‍රීඩා තේරීම් කමිටුව සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු පරිසාධන මට්ටමට ආසන්න වූ බව පවසමින් කණ්ඩායමක් ඉදිරිපත් කළේය.

මින් ඉහත මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම තෝරාගන්නා බවට පුරසාරම් දොඩා තිබීම හේතුවෙන් එම ඉසව්වේ ක්‍රීඩකයන් පළමු ක්‍රීඩකයන් පස්දෙනා අතරට පිවිසීමේ අරමුණැතිව තරග වදිනු දැකගත හැකි විය.

ඒ හේතුවෙන්ම ඔවුනට සිය උපරිම දක්ෂතාවන් දැක්වීම නොහැකිවිය.

කිසිදු ක්‍රීඩකයෙකු තත්පර 47 සීමාව අභිබවා නොයාම හේතුවෙන් අවසානයේ ඔවුන්ට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගීවීම සිහිනයක්ම පමණක් විය.

මීටර් 100 ඉසව්වෙන් විනෝජ් හා හිමාෂ පුද්ගලිකව ඉහළ දක්ෂතා දැක්වීම හේතුවෙන්, ඔවුන් දෙදෙනාට සිදුකරන්නාවූ සාධාරණයක් ලෙස සලකා මීටර් 100 සහාය දිවීමේ ඉසව්ව සඳහා කණ්ඩායමක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ඇතුළත් කළද සෙසු ක්‍රීඩකයන් තිදෙනාම එම ඉසව්වේ සැලකිය යුතු හෝ දක්ෂතා අතර නොමැති විය.

කෙසේ වෙතත්, එලෙස තෝරාගත් කණ්ඩායම 12 ක් දක්වා සීමා කළේ අමාත්‍යවරයා ගන්නා ලද තීරණයක් හේතුවෙන් බව පැවසේ.

අමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටු නිර්දේශය අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන්නේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් 37 කට පමණක් බවත් මලල ක්‍රිඩා කණ්ඩායම 12 ක් දක්වා අඩු කල යුතු බවත් එහිදී පැවසින.

මෙවැනි වටපිටාවක් මත 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දුනීසියාවේ දී පැවැති තරගාවලියකට සහභාගීවුවද ඔවුන එහිදී තරග වැදුනේ පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සහභාගිවීමේ අවස්ථාවක් නොලැබෙන වපසරියකය.

ඔලිම්පික් කමිටුව හෝ මලල ක්‍රීඩා සංගමය පවතින ලෝක නීතිය හා ක්‍රීඩාවේ අනාගතය ගැන වැටහීමකින් හෝ මෙරට ක්‍රීඩාව ගැන ආදරයකින් ක්‍රියාත්මක වූයේ නම්, ඉහත තරගාවලියේ දී ද දක්ෂතා දක්වන්නන්ට පොදුරද ක්‍රීඩා උළෙලට අවස්තාව ලබා දීමට අවස්ථාව තිබිණ.

නමුත් සිදුව ඇත්තේ, හාත්පසින්ම වෙනස් වූ සිද්ධි දාමයකි.

යෝජනා වූ 37 ක කණ්ඩායම වෙනුවට මේවනවිට 79 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායම් පොදුරද ක්‍රීඩා උළෙලට සහභාගීකරවීමට තීරණය වී ඇත.

ඒ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව 37 ක් හා ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් 42 ක් ලෙසය.

මෙම තීරණයෙන් වැඩිම පාඩුව සිදුව ඇත්තේ එදා මෙදා තුර ඔලිම්පික් තරගාවලි, දකුණු ආසියා, ආසියා, පොදුරද මඩුලු හා ඔලිම්පික ක්‍රීඩා උළෙල වලදී වැඩිම පදක්කම් ලබා ඇති මලල ක්‍රිඩාවටය.

මේ අතර, තේරීම් තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන්, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ලබා නොදුන් කෙටි දුර ධාවන ශූරී රුමේෂිකා රත්නායකට සාධාරණයක් ඉටුව තිබේ.

ඒ ඇය මේ වන විට ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සිදුකරමින් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ හොඳ කාලයක් ලබා තිබීම හේතුවෙන් විය හැක.

කෙසේ වෙතත් ඇයට ද ඉහත තීරණයෙන් සිදුවූයේ විශාල අසාධාරණයක් බව තතු දත්තෝ පවසයි.

සබැඳි ප්‍රවෘත්ති කියවන්න

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට තරග කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම.

ඉන්දියාවෙන් 31 ක කණ්ඩායමක්

රුමේෂිකා රත්නායකට පමණක් සාධාරණය ඉටුවෙයි

 

www.ceylonathletics.com

Recent Posts

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

1 week ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

1 week ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

1 week ago

කීර්තිමත් යුග පුරුෂ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වෙයි.

කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී…

1 week ago

Yupun Abeykoon’s Remarkable Comeback after the injury

Sri Lankan sprinter Yupun Abeykoon has made a stunning return to the track with a…

2 weeks ago

Nadeesha and Aruna Win Top Honors at Army C’ships

Nadeesha Ramanayake and Aruna Darshana Win Top Honors at Army Athletics Championships At the Sri…

4 weeks ago