කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී වාසය කරමින් සිටි එදිරිවීරසිංහම් ඊයේ(18) අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසුවිය.
යාපනේ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් සිසුවෙක් වූ එදිරිවීරසිංහම් මහතා දක්ෂ මලල ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූවා.
1952 හා 1956 ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ඒ මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් දිනාදුන් පළමු ක්‍රීඩකයාද වනවා.
1954 මැනිලා, 1958 තෝක්යෝ, 1962 ජකාර්තා ආසියානු ක්‍රීඩා උළෙල වලට සහභාගී වෙමින් 1958 දී උස පැනීමේ රන් පදක්කම හා 1962 දී රිදී පදක්ක දිනා ගත්තා.
විදෙස් සරසවි කිහිපයකම අධ්‍යාපනය ලබා තිබෙන නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා ආචර්ය උපාධියෙන්ද පිදුම් ලැබූ අති දක්ෂ පරිපාලන නිළධාරියෙක් වගේම දක්ෂ ආචාර්ය වරයෙක්.
මෙරට ක්‍රීඩක ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට පුද්ගලිකව උපකාර කරමින් ජාත්‍යන්තර තලයේ දක්ෂ ක්‍රීඩකයන් කිරීමට නාගලිංගම් එදිරිවීරසිංහම් කටයුතු කිරීම අමතක කළ නොහැකියි.
උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි කරගෙන සිටි මංජුල කුමාර විජේසේකර ඒ අතරින් කෙනෙක්.
අභාවප්‍රාප්ත නාගලිංගම් එදිරිවීරසිංහම් මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත.
Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…