අසාධාරණයට ලක්වූ රුමේෂිකාට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට අවස්ථාව

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව කෙටිදුර ධාවන ශූරී රුමේෂිකා රත්නායකට මින් ඉහත හිමි නොවීය. ඔස්ටේලියාවේ පුහුණුකටයුතු සඳහා සහභාගීවීමට නියමිතව සිටි ඇය තේරීම් තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන් ඉහත අවස්ථාව අහිමි වන බව පැවසිණ. ජනවාරි මස 25 වැනි දින ඔස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිත වූ ඇයට වීසා ලබා ගැනීමට නොහැකි වීම මත එදින ගමන් කළ නොහැකි වී ඇති අතර ඉන් පසුව 27 වැනි දින පැවැති තේරීම් තරගාවලියට පෙර සූදානමකින් නොසිටීම හා අසනීප තත්ත්වයකින් පෙළිම මත සහභාගී නොවන බව දන්වා තිබේ.

කෙසේ වෙතත්, එදින තරග නොවැදීම හේතුවෙන්, ඇයට අවස්ථාව ලබා නොදීමට මලල ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ ඇය එදින තරග වැදුණේ නම් පහසුවෙන් පරිසාධන මට්ටම පසුකළ හැකිව තිබූ බවය. කෙසේ වෙතත් තේරීම් තරගාවලියේ දී මීටර් 100 හා 200 කාන්තා ඉසව් සඳහා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයක් දැක්ය නොහැකි විය. මීටර් 100 ඉසව්වට එක් ක්‍රීඩිකාවක් පමණක් සහභාගීවුවද ඇය ද දැක්වූ දක්ෂතාව තත්පර 12.50 කි. එවන් වපසරියක රුමේෂිකාට පරිසාධන මට්ටම පසුකිරීමේ කිසිදු අවස්ථාවක් නොවූ බව තේරීම් කමිටු සභාපතිවරයාට  නොතේරීම  විහිලු සහගත විය. කෙසේ වෙතත් පවතින නීතිය හා ජාතික තේරිම් ප්‍රතිපත්තියට හිස නැවූ ඇය ඔස්ට්‍රේලියාවේ දී එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පුහුණුවීම් සිදුකිරිම් ඇරඹූ බව වාර්තා විය. පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවේ දී පැවැති තරගාවලි සඳහා ද සහභාගී නොවූ ඇය, පුහුණු තරග කිහිපයක දී සිය සුපුරුදු දක්ෂතා දක්වා තිබේ. ඒ අනුව ජාතික තේරීම් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීම මත රුමේෂිකා 13 වැන්නා ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ.

රුමේෂිකා ඔස්ට්‍රේලියාවේ දී දැක්වූ දක්ෂතා කියවන්න

කෙසේ වෙතත් මෙහිදී සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් අසාධාරණයක් සිදුව තිබේ. ඒ රුමේෂිකා තරගාවලි සඳහා ඉදිරිපත් වද්දී සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිදු තරගාවලියකට ඉදිරිපත් නොවීම හේතුවෙනි. කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ පුහුණු සැසි වලදී ලබා දෙන පුහුණු තරග සඳහා රුමේෂිකා මෙලෙස සහභාගීව තිබේ. පෙබරවාරි 5 වැනිදාට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නම්කිරීමට ගත් තීන්දුව හේතුවෙන් ද සෙසු ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ඉහත අසාධාරණය සිදුව තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් දිනා ගත් ක්‍රීඩිකාවට මෙරට අදූරදර්ශී ක්‍රීඩා නිළධාරීන්ගේ හා බළධාරින්ගේ අසාධාරණ තීන්දු තීරණ හේතුවෙන් අවස්තාව නොලැබී යාම වෙනුවට මෙලෙස හෝ අවස්ථාවක් ලැබීම ඇයගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආසියානු පදක්කම් බලාපොරොත්තු ඉහළ දැමීමට පිටුවහලක් වේ.

මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී කරවිය යුත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 න් පමණක් බව ට සිදුකළ ප්‍රකාශයන්ද මේවනවිට පුස්සක්ව තිබේ.

මෙවර මලල ක්‍රීඩාවෙන් 13ක් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 79 දෙනෙකු නොයෙක් ක්‍රීඩා සඳහා ඉදිරිපත් වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඔලිම්පික් කමිටුවේ කුඩම්මාගේ සැලකිල්ල – කියවන්න

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org