රුමේෂිකා වසරේ වේගවත්ම කාලය නැවත අලුත් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

Rumeshika Rathnayaka once again clocked her Seasonal Best time in 100m with 11.70sec and 200m with 23.70sec at a Space all comers meet in Sydney today.


කෙටිදුර ධාවන ශූරි රුමේෂිකා රත්නායක මෙම වසරේ වේගවත්ම කාලය මීටර් 100න් (11.70) හා 200න්(23.70) අද වාර්තා කළාය. ඔස්ට්‍රේලියවේ පුහුණු කටයුතු වල නිරතවන ඇය සිඩ්නිහීදී පැවැත්වෙන පුහුණු තරගාවලියකදී ඉහත දක්ෂතාව දක්වා තිබේ.

මින් ඉහතදීද ඇය පුහුණු තරගයකදී මීටර් 100 දී තත්පර 11.74 හා මීටර් 200 දී තත්පර 23.87 කාලයක් වාර්තා කළාය.

මෙම තරග ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ පුද්ගලික හොඳම කලෙය පදනම් කරගනිමින් පැවැත්වීම හේතුවෙන් මූලික තරග නොපැවැත්වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකටයුතු තක්සේරු කරගැනීම සඳහා මෙම තරගාවලි පැවැත්වේ.

මීටර් 200 ඉස්වවේ තත්පර 23.70 ක කාලය රුමේෂිකා පුද්ගලිකව වාර්තා කර ඇති තුන්වැනි හොඳම දක්ෂතාව වන අතර මීටර් 100 ඉසව්වෙන් දැක්වූ 11.70 ක දක්ෂතාව පුද්ගලිකව දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව ලෙසද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම අවිනිශ්චිත වීම හේතුවෙන් අගොස්තු මස පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක.කරමින් පුහුණු කටයුතු ආරම්භ කළ ඇයට මේවවිට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ද සහභාගී වීමේ වරම් හිමිව තිබේ.

ඒ අනුව ඇයගේ වත්මන් දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී සිය උපරිම දක්ෂතාව වර්ධනය කරගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉහළ දක්ෂතාවක් ප්‍රදර්ශනය කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකිය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිතත වේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org