Video – මීටර් 8 ට වැඩි පහයි – අවසන් පිම්මෙන් ප්‍රසාද් අංක එකට

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ජාතික ශූරතාවලියේ දී වැඩි දෙනාගේ අවධානය දිනා ගනිමින් මෙරට මලල ක්‍රීඩා⁣වට නව බලාපොරොත්තු ගෙන ඒමට පිරිමි දුර පැනීම ඉසව්ව සමත්විය.

කලක් මීටර් 7.5 ක පමණ සීමාවේ සිට ඉහල පහල ගියද, පසුගිය සති අන්තයේ දී එය මීටර් 8 සීමාවෙන් ඔබ්බට පිවිසෙනු දැක ගත හැකි විය.

ප්‍රසාද්, අමිල, ධනුෂ්ක කරට කර යනු ඇතැයි විශ්වාසය තබමින් ඇරඹි තරගයට නව ආදේශකයක් ලෙස යුද හමුදාව නියෝජනය කරන එච්. ජී. සම්පත් මීටර් 8.12 ක දක්ෂතාව දැක්වීමත් සමග තරගය තීව්‍රවිය.

ඒ වනවිට අමිල ජයසිරි මීටර් 8.00 සීමාව දෙවරක් පසුකර සිටි අතර ප්‍රසාද් විමලසිරි මීටර් 7.94 ක දක්ෂතාවක් දක්වා සිටියේය.

එසේම පසුගිය තේරීම් තරගාවලියේ දී, මීටර් 7.99 ක දක්ෂතාවක් දක්වා තිබූ  ධනුශ්ක පියරත්න මීටර් 7.80 දක්ෂතාව ක් දක්වා සිව්වැනි ස්ථානයේ පසුවිය.

ඔහු අවසන් පිම්මේ දී මීටර් 7.85 ක දක්ෂතාවක් දැක්වූ අතර, ප්‍රසාද් විමලසිරි, සම්පත්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව බිඳ දමමින් අවසන් පිම්ම මීටර් 8.14 ක් ලෙස වාර්තා කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා වාර්තාවට සෙන්ටිමීටරයක් පසුපසින් සිය හොඳම දක්ෂතාව දැක්වූ ප්‍රසාද්ට අභියෝග කිරීමට ඉතිරිව සිටියේ ශ්‍රී ලංකා වාර්තාව හිමි අමිල ජයසිරි පමණි.

අමිල අවසන් පිම්ම නැවතත් මීටර් 8.00 ලෙස වාර්තා කරමින් කරගයේ සිව්වැනි ස්ථානය තහවුරු කරගත්තේය.

පසුගය වසර දෙකේදීම ආබාද තත්වයන් හේතුවෙන්, සුපුරුදු දක්ෂතා අතරටි පිවිසීමේ වාසනාව අහිමිවූ අමිල නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පිවිසීම සුභදායී වනු ඇත.

ඔහු මෙම තරගයේ දී මීටර් 8.00 දක්ෂතාව තෙවරක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක් වේ.

එසේම මෙම තරගයේ දී ක්‍රීඩකයන් තිදෙනෙකු මීටර් 8.00 සීමාව පසුකළ අතර අය මෙරට ඉතිහාසයේ එවැනි දක්ෂතාවක් ප්‍රදර්ශනය වූ පළමු අවස්ථාව වේ.

මෙම තරගයේ දී, මීටර් 8.00 දක්ෂතාවන් 5 ක් වාර්තා වී තිබීමද විශේෂත්වයක් ලෙස සැලකිය හැකි වේ.

ඉහත සඳහන් කළ ක්‍රීඩකයන් සිව් දෙනාට අමතරව ග්‍රේෂන් ධනංජය ද මීටර් 7.82 ක දක්ෂතාවක් පළමු පිම්මේ දීම ලබා ගැනීම පැසසිය යුතු කරුණකි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org