මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් වෙනුවෙන් අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගි වීමට නියමිත බැවින්.
🔸ඒ අතර ප්‍රධානතම තරගාවලියක් වන්නේ මැයි මස 4 හා 5 දෙදින බහමාස් හි පැවැත්වෙන ලෝක සහය දිවීමේ ශුරතා තරගාවලියයි. එහි පිරිමි මීටර් 400×4 ඉසව්ව සඳහා පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වීමට නියමිතයි.
🔸එමෙන්ම මැයි මස 03වනදා ඩුබායි හි පැවැත්වෙන Grand Prix මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් යුපුන් අබේකෝන් (මීටර් 100 පිරිමි) , තරුෂි කරුණාරත්න (මීටර් 800 කාන්තා), ගයන්තිකා අබේරත්න(මීටර් 1,500 කාන්තා) සහ නදීෂා රාමනායක(මීටර් 400 කාන්තා) සහභාගි වීමට නියමිතයි.
🔸ඉන් අනතුරුව ජපානයේ ඔසාකි හි පැවැත්වෙන 11වන කිනමි මිචිටකා අනුස්මරණ මලල ක්‍රීඩා තරගාවලිය ද මැයි 12වනදා පැවැත්වෙනවා. ඒ සඳහා කාලිංග කුමාරගේ (මීටර් 400 පිරිමි), තරුෂි කරුණාරත්න(මීටර් 800 කාන්තා) සහ නදීෂා රාමනායක(මීටර් 400 කාන්තා) සහභාගි වීමට නියමිතයි.
🔸මැයි 19වනදා ජපානයේ පැවැත්වෙන Seiko Golden Grand Prix මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් ද කාලිංග කුමාරගේ සහභාගි වීමට නියමිත බව ද සඳහන්.
🔸ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලිය මැයි මස 20 හා 21 දෙදින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් 4ක් සහභාගි වනුඇති.
ඒ මීටර් 100×4 පිරිමි, මීටර් 100×4 කාන්තා, මීටර් 400×4 පිරිමි , මීටර් 400×4 කාන්තා සහ මීටර් 400×4 මිශ්‍ර යන ඉසව් සඳහායි.
මෙවර ඔලිම්පික් උළෙලේ පරිසාදන මට්ටම් සපුරාලීම සඳහා අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන හොඳම අවස්ථා ලෙස මෙම තරගාවලි හැඳින්විය හැකි අතර ඔවුන්ට උපරිම දක්ෂතා දැක්වීමට හැකියාව ලැබේවා යන්න ක්‍රීඩාවට ආදරය කරන සැමගේ අපේක්ෂාවයි.
🔸එමෙන්ම අප්‍රේල් මස 24 වනදා සිට 27 වනදා දක්වා ඩුබායි හීදි ආසියානු කණිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතයි.

එසේම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ප්‍රථම තවත් තරගාවලි කිහිපයකට අරුණ දර්ශනද අතුළත්ව කණ්ඩායම් යොමු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org