Video: ලාස්ට් ජම්ප් එක හොඳම ජම්ප් (13.60) එක කළ විදූෂා

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

තුන් පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන විදූෂා ලක්ෂානී වසර දෙකක පමණ නිහැඬියාවකින් පසුව නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ නැවතත් එවැනිම දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය.

ජාතික ශූරතා තරගාවලියේ සිය අවසන් පිම්ම, වාර්තාගත පිම්මක් බවට පත් කරමින්, නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ සිටින බවට ඉඟියක් පළ කරමින් සිනහ මුවින් ජාතික ශූරිය ලෙස අභිශේක ලැබුවාය.

පසුගිය වකවානුවේදී විදූෂාට සිය උපරිම දක්ෂතාව දැක්වීමේ අවස්ථාව හිමි නොවීය.

නමුත් මෙවර සිය පුහුණු සහායිකාව වන හෂිණී ප්‍රබෝදාගේ අභියෝගයට අභියෝග කරමින් විශිෂ්ඨ අවසානයකට ළඟාවිය.

මෙහිදී අමතක කළ නොයුතු කරුණක් වන්නේ හෂීනීද දිගු නිහැඬියාවකින් පසුව සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට සමත්වීමයි.

E NO 307 TRIPLE JUMP WOMEN FINAL
Place BIB Name of Athlete Affiliate Performance Remarks
1 657 HDV LAKSHANI SL ARMY 13.60 *NMR w-0.5
2 661 BMHB BALASURIYA SL ARMY 13.39 +0.8
3 729 KAT LAKSHANI SL AIR FORCE 12.90 +1.2
4 730 KAS DULANJANI SL AIR FORCE 12.87 +3.0
5 705 DR NIRODHA SL ARMY 11.90 +0.9
6 651 RGSS WEERAWARDHANA SL ARMY 11.78 +1.8
7 689 WMNU WANASINGHE SL ARMY 11.73 +2.2
8 732 DD MOHOTTALA SL AIR FORCE 11.42 +1.3
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org