Video: අවසන් තත්පර දශමය තෙක් තරග කළ කෙසඟ කොලු ගැටයා රුසිරු

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ඉඳුනිල් හේරත් හා  කුපුන් කුෂාන්ත විසින් අක්‍රමණය කර තිබූ මිටර් 800 ඉසව්වේ නවතම ජාතික ශූරයා වීමට රුසිරු චතුරංග නම් යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා සමත්විය.

පසුගිය දා නිමාවට පත්වූ වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මිනිත්තු 1:49.83 ක් ලෙස පුද්ගලික හොඳම කාලය වාර්තා කළ ඔහු ජාතික ශුරතාවලියේ දී මීටර් 800 ඉසව්ව ජයගත්තේ, අවසන් මිටර් කිහිපයේ දී සෙස්සන්ට තියුණු අභියේා්ගයක් එල්ල කරමිනි.

ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ඉඳුනිල් හේරත් මේවනවිට කෙන්යාවේ පුහුණුවීම් සිදුකරමින් සිටින අතර, කුපුන් පාදයේ ආබාදයක් හේතුවෙන්, ජාතික ශූරතාවට සහභාගී නොවීය.

ඔවුන් දෙදෙනාට අභියෝගයක් එල්ලකරමින් මිටර් 800 ඉසව්වත්, මෙරට තරඟකාරී ඉසව්වක් බවට පත් කිරීමට ක්‍රීඩකයන් කිහිපදෙදෙනකුම මේවනවිට පෙරමුණ ගනිමින් සිටීයි.

තරගයේ ප්‍රථිඵල සටහන  පහත පරිදිවේ.

E NO 318 800M MEN FINAL
Place BIB Name of Athlete Affiliate Performance
1 217 G Rusiru CHATHURANGA SL ARMY 1:51.30
2 394 WNSK WEDAGEDARA SL ARMY 1:51.36
3 539 DM Harsha KARUNARATHNA SL SCHOOL AA 1:51.49
4 400 HMS KUMARA SL ARMY 1:51.51
5 573 RA ISURU LAKSHAN LANKA LIONS SC 1:53.03
6 350 RKCS SOMAWARDHANA SL ARMY 1:55.94
238 VAD KUMARA SL ARMY DNF
348 HKT FONSEKA SL ARMY DNF
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org