Video-ශම්මු හා වත්සලා ජයපැන් බොද්දී, කාලතුවක්කු හමුදාවට වැඩි ගෞරව
|55 වැනි වරට පැවැති යුද්ධ හමුදා මාර්ග ධාවන තරගය අර්ධ මැරතන් තරගයක් ලෙස අද පෙරවරුවේ ආරක්ෂක මාණ්ඩලක ප්‍රධානී
යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ
කොරෝනා උවදුර හේතුවෙන් තරගාවලි පැවැත්වීමට අවස්ථාව නොලැබුණු අතර, දීර්ඝ නිහැඩියාවකට පසුව පැවති පළමු තරගය මෙයයි.
ත්‍රිවිධ හමුදා මූලස්තානයෙන් ඇරඹි කාන්තා හා පිරිමි තරගය බත්තරමුල්ල, මාලඹෙ, අතුරුගිරිය, හබරකඩ හරහා පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසලින් අවසන් විය.
මෙවර තරගාවලියට ක්‍රීඩකයන් 111 ක් හා ක්‍රීඩිකාවන් 14 දෙනෙකු එක් වූ අතර, එහිදී වැඩි ගෞරව හිමිකරගත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායයි.
ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ කුමාර් ශන්මුගේස්වරන් අඛණ්ඩව තෙවෙනි වරටත් ජයගැනීමට සමත් විය.
කාන්තා අංශයේ ජය වාර්තා කලේ යුද්ධ හමුදා කාන්තා බලකායේ වත්සලා හේරත්.
පදක්කම් ලාභීන්
පිරිමි
කුමාර් ශන්මුගේස්වරන් 1:10.16
කැලුම් සම්පත් ගුණසේකර 1:10.47
සාගර විජේවික්‍රම 1:11.16
කාන්තා
වත්සලා හේරත් 1:25.15
සුරේකා සෙව්වන්දි 1:28.57
ඉරේෂා සුගතපාල 1:31.04
සජීව විකාශය
Part 1
Part 2
තෑගි ප්රදානෝත්සවය