සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් පදක්කමට වසර 20 යි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියාවේ කළු වෙළඹ ලෙසින් විරුදාවලිය ලත් සුසී, එහෙමත් නැත්නම් සුසන්තිකා ජයසිංහ මීට වසර 20 කට පෙර අදවන් දිනක මෙරට ක්‍රීඩා ඉතිහාසයට නව පිටුවක් එක් කිරිමට සමත් වූවාය.

2000 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහීදී පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවෙමින් වසර 52 ක ඔලිම්පික් පදක්කම් පිපාසයට තිත තබමින් ඇය මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.

සුසන්තිකාගෙ ලෝකඩ පදක්කම පසුව රිදී පදක්කමක් බවට පත් වූයේ, තරගය ජයග්‍රහණය කළ ඇමරිකාවේ මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිත කල බවට චෝදනා එල්ලවීමත් සමගිනි.

ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තේ, පළමු ඔලිම්පික් පදක්කම දිනූ ඩන්කට් වයිට් මහතා, එය දිනා වසර 52 කට පසුවයි.

සුසන්තිකා ජයගත් ඔලිම්පික් පදක්කමෙන් පසුව අද වන විට වසර 20 ක් ගත වුවද කිසිදු ක්‍රීඩාවකින් ඔලිම්පික් පදක්කමක් අහලකටවත් ඒමට නොහැකිවී තිබේ.

??? 20??…

???? ???? ???? ??????? ??? 20 ??…2000 ???? ????? ???? ????????? ??? ????? ????? ???? ??? ????? ???? ???? ??? ??? ??, ???? ?? ?????? ?????????? ????..?????????????? ?????? ???? ?????? ????????? ????? ????? 200 ?????? ????? ????? ?? ??, ????? ???? ?????? ???? ???? ?????????? ??? ??????, ????? ? ??? ?? ???? ?????? ???? ???????.

Posted by Ceylon Athletics on Sunday, September 27, 2020

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org