Video-ශම්මු හා වත්සලා ජයපැන් බොද්දී, කාලතුවක්කු හමුදාවට වැඩි ගෞරව

By www.ceylonathletics.com | | Latest News, Sinhala

55 වැනි වරට පැවැති යුද්ධ හමුදා මාර්ග ධාවන තරගය අර්ධ මැරතන් තරගයක් ලෙස අද පෙරවරුවේ ආරක්ෂක මාණ්ඩලක ප්‍රධානී
යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ

කොරෝනා උවදුර හේතුවෙන් තරගාවලි පැවැත්වීම⁣ට අවස්ථාව නොලැබුණු අතර, දීර්ඝ නිහැඩියාවකට පසුව පැවති පළමු තරගය මෙයයි.

ත්‍රිවිධ හමුදා මූලස්තානයෙන් ඇරඹි කාන්තා හා පිරිමි තරගය බත්තරමුල්ල, මාලඹෙ, අතුරුගිරිය, හබරකඩ හරහා පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසලින් අවසන් විය.

මෙවර තරගාවලියට ක්‍රීඩකයන් 111 ක් හා ක්‍රීඩිකාවන් 14 දෙනෙකු එක් වූ අතර, එහිදී වැඩි ගෞරව හිමිකරගත්තේ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායයි.

ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ කුමාර් ශන්මුගේස්වරන් අඛණ්ඩව තෙවෙනි වරටත් ජයගැනීමට සමත් විය.

කාන්තා අංශයේ ජය වාර්තා කලේ යුද්ධ හමුදා කාන්තා බලකායේ වත්සලා හේරත්.

පදක්කම් ලාභීන්
පිරිමි
කුමාර් ශන්මුගේස්වරන් 1:10.16
කැලුම් සම්පත් ගුණසේකර 1:10.47
සාගර විජේවික්‍රම 1:11.16

කාන්තා
වත්සලා හේරත් 1:25.15
සුරේකා සෙව්වන්දි 1:28.57
ඉරේෂා සුගතපාල 1:31.04

 

සජීව විකාශය

Part 1

Part 2

Army Road Race – Final stage Live (Part 2)

Posted by Ceylon Athletics on Friday, September 25, 2020

තෑගි ප්‍රදානෝත්සවය

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org