කෙන්යාව පරාජය කල එකම පවුලේ ඉන්ජෙබ්‍රිග්ට්සන් සහෝදරයන්

By www.ceylonathletics.com | | English, Latest News, Top Stories

පවතින කොවිඩ් 19 තත්වය තුල ජාත්‍යන්තර මලල් ක්‍රීඩා පිටියේ වසරේ ප්‍රමුකතම ලීගය වන ඩයමන්ඩ් ලිග් තරගාවලිය තවමත් ආරම්භ කල නොහැකි මට්ටමක පවතිනවා. නමුත් නව සමනයට හැඩ ගැහෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය හා ඩයමන්ඩ් ලිග් සංවිදායක කමිටුව එක්ව ජාත්‍යන්තර තරග අඩුපාඩුව පිරවීමට ආරම්භ කරන ලද කල ඉම්පොසිබල් ගේම්ස් ක්‍රීඩා උළෙල පසුගියදා නොර්වේ රටේ ඔස්ලෝ නුවර සහ කෙන්යාවේ නයිරෝබි නුවර සම්බන්ධ කරමින් පැවතුනා.
විවිද ඉසව් කිහිපයක් පවතී මෙම තරගාවලියේදී මීටර 300 කඩුලු ලෝක වාර්තාව , මීටර 2000 යුරෝපිය වාර්තාව බිද වැටීම මෙන්ම ස්වීඩනයේ රිටි පැනීම ලෝක වාර්තාවේ හිමිකරු වන මොන්ඩෝ ඩූප්ලැන්ටිස් හිටපු ඔලිම්පික් ශුරයකු වන නෝඩ් ලැවිල්ලෙනි පරාජයට පත් කිරීමත් සිදු උනේ නරබන්නන් වෙනුවට කාර්ඩ්බෝඩ් වලින් පිළියෙළ කර ඔවුන්ගේ පිලිරු ඉදිරියේදී .

මෙහිදී නොර්වේ දුර දිවීම් ශුර ඉන්ජෙබ්‍රිග්ට්සන් (Ingebrigtsen) සහෝදරවරු තිදෙනා වන ජෙකොබ් ඉන්ජෙබ්‍රිග්ට්සන් ,පිලිප් ඉන්ජෙබ්‍රිග්ට්සන් සහ
හෙන්රික් ඉන්ජෙබ්‍රිග්ට්සන් නෝර්වේ කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ලෝ නුවර තරග වැදුණු අතර අතර මීටර 1500 ලෝක ශුර තිමෝති චෙරුයොට්, එලියා මනන්ගෝයි සහ එඩ්වින් මෙලී කෙන්යාව නියෝජනය කරමින් නයිරෝබි නුවර එකම වෙලාවේදී තරග වැදුනා . ලෝක මලල ක්‍රීඩා සංගමය මෙම තරගය ලොව පුරා සජීව විකාශනය කරා.

 

එහිදී වයස අවුරුදු 19 ක් පමණක් වන ජෙකොබ් ඉන්ජෙබ්‍රිග්ට්සන් තරගය ජයග්‍රහණය කරේ විනාඩි 4යි තත්පර 50.01කාලයක් වාර්තා කරමින් . ඔහු එහිදී
ස්ටීව් ක්‍රෑම් විසින් තබා තිබු මීටර 2000 යුරෝපිය වාර්තාව (1985) අලුත් කරේ ක්‍රෑම් එම අවස්ථාවේ සජීව විස්තර විචාරය කරමින් තරගය නරබන අතරතුරයි. එසේම නොර්වේ කණ්ඩායමත් මෙහිදී කෙන්යානු කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවා .මෙහිදී පිලිප් ඉන්ජෙබ්‍රිග්ට්සන් නොර්වේ මීටර 1000 ජාතික වාර්තාවත් බිද දැමු ලැබුවේ මිනිත්තු 2 යි තත්පර 16.46 කාලයක් වාර්තා කරමින් . මෙහිදී නොර්වෙ ක්‍රීඩකයන්ට වෙව් ලයිට් තාක්ෂණයෙන් මගපෙන්වීම කරනු ලැබුවා

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org