ශ්‍රී ලංකාවට තවත් ආසියානු පදක්කමක් – ඉන්දියාවේ ආසියානු ශුර ගෝමතීට වසර 4ක තහනමක්

By www.ceylonathletics.com | | English, Latest News, Sinhala, Top Stories

ඉන්දියාවේ මීටර 800 ආසියානු ශුරිය ගෝමතීට මරිමුතු වසර හතරක තනමකට ලක්වී තිබෙනවා .ඒ ඇයගේ ආසියානු ශුරතවලියේදී ලබාගත් ඒ සහ බි තහනම් උත්තේජක සාම්පල දෙකම තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වූ පසුවයි.

ඒ අනුව මලල ක්‍රිඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති ඒකකය (AIU) තම නිවේදනයෙන් පවසන්නේ ගොමති හට 2019 වසරේ මාර්තු 18 සිට ලබා ගත් සියලුම පදක්කම් අහිමි වන අතර 2019 මැයි 17 සිට වසර 4ක කාලයක් තරග තනමකටද ලක්වන බවයි. මෙම 2019 ආසියානු ශුරතාවලියේ සිව් වන ස්ථානයට තරගය නිම කල ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවට දැන් ලෝකඩ පදක්කම් කර උසස් වීමක් ලැබෙනු ඇති.

පසුගිය වසරේ අප වාර්තා කළේ ගෝමාතිගේ රන් පදක්කම් ධාවන තරඟයේ තිබී තහනම් ද්‍රව්‍යයක් හේතුවෙන් 2019 මැයි 21 දින තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. මීට අමතරව තවත් අවස්ථා 3කදී ලබාගත් අයගේ සාම්පල සියල්ලේම ඇය තහනම් උත්තේජක ලබගත්බවට තහවරු වී තිබෙනවා.

 

 

ඉන්දීය මාධ්‍ය මලල ක්‍රීඩා සම්මේලනය සභාපතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “ඉන්දියානු මලල ක්‍රීඩා සංගමය මෙම නඩුවට කිසිම උදව්වක් කරන්නේ නෑ . අපි සෑම වසරකම පරීක්ෂණ 1,500 ක් කරනවා. තහනම් උත්තේජක ලබා ගැනීම සාපරාධී වරදක් බවට පත් කිරීමට ද අපි කටයුතු කරමින් සිටිනවා . ”

බේරුම්කරණ අධිකරණයට (CAS) අභියාචනයක් ඉදිරිපත් කිරීමට ගෝමතීට තවමත් අවස්ථාව තිබේ. එම විකල්පය ගැනීමට ඇය කැමැත්තෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුනා .
2019 අප්‍රේල් මස වනදා පැවති මීටර් 800 අවසන් මහා තරගයේදී මිනිත්තු 2 යි තත්පර 05.74 ක කාලයක් වාර්තා කරමින් ගයන්ති අබේරත්න සිව්වන ස්ථානයට පත්වූ අතර ගෝමාති මිනිත්තු 2 තත්පර 02.70 ක හොදම පෞද්ගලික දක්ෂතාවයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ගෝමතිගේ පදක්කම ඉවත් කිරීමත් සමඟ චීනයේ චුන්යි වැන්ග් රන් පදක්කම දක්වාත්, කස්කස්තානයේ මාරිටා මුකෂේවා රිදී පදක්කමටත් , ගයන්තිකා ලෝකඩයටත් උසස් කිරීමට සූදානම් වේ. ආසියානු මලල ක්‍රීඩා සංගමය (AAA) පදක්කම් නැවත ලබා දීම පිළිබඳව තවමත් නිවේදනයක් නිකුත් කර නොමැත.

මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ පදක්කම් නැවත ලබා දීම පිළිබඳව ආසියානු මලල් ක්‍රීඩා සංගමය සමඟ සාකච්ඡා කිරීමට යන බවයි.

ඉන්දීය මලල ක්‍රීඩිකාවක විනය නීති උල්ලංගනය කිරීම් හේතුවෙන් ගයන්තිකා ආසියානු ශූරතා පදක්කම ඉහළ නැංවීම අඛණ්ඩව දෙවන වරටත් මෙය වේ. 2017 දී පළමු ස්ථානයට පත්වූ ඉන්දියාවේ අර්චනා ආදව් තරඟ නීති උල්ලංගනය කිරීම හේතුවෙන් නුසුදුස්සකු වූ අතර ගයන්තිකා රිදී පදක්කම දක්වා උසස් කරන ලදී. පසුගිය වසරේදී ඉන්දියාවේ ඉහළම මීටර 400 ශුරියක වූ නිර්මලා ෂෙයෝරන් වසර 4 කට තහනම් කරන ලද අතර 2017 ආසියානු ශූරතාවලියේදී මීටර් 400 සහ මීටර 4×400 ඉසව්වෙන් ඇය දිනාගත් රන් පදක්කම් මෙසේ අහිමි කරනු ලැබුවා .

මේ අතර, AIU විසින් තාවකාලිකව තහනම් කර ඇති ලෝක මීටර් 400 ශූර බහරේනයේ සල්වා ඊඩ් නසර්ගේ නඩුව පිළිබඳව ද ශ්‍රී ලංකාව විමසිල්ලෙන් පසුවෙයි සිටී. නසර්ගේ පදක්කම් අහිමි කිරීමක් සිදුවුවහොත් ශ්‍රීලංකාවට ආසියානු ශුරතාවලියේ තවත් ලෝකඩ පදක්කමක් ලැබෙනු ඇති . ඒ කාන්ත මීටර සහය දිවීම් තරගයෙනුයි . මෙහි ශ්‍රී ලංකාව සිවන ස්ථානය දිනාගත් අතර නසාර් නියෝජනය කල බහරේනය ප්‍රථම ස්ථානය දින ගන්න ලදී .

2019 ආසියානු ශූරතාවලියේ එකම ලෝකඩ පදක්කම දිනාගත්තේ විදුෂා ලක්ෂනි විසින් තුන්පිම්ම ඉසව්වෙන් මීටර 13.53ක දක්ෂතාවයක් දක්වමින්

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org