කණිෂ්ඨ (වයස අවුරුදු 20න් පහළ) ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ආසියානු කණිෂ්ඨ (වයස අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යන කණිෂ්ඨ (වයස අවුරුදු 20න් පහළ) සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පුහුණු තරගාවලියක් සෙනසුරාදා (25) පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තොරාගත් ඉසව් සඳහා පැවැත්වෙන මෙම තරගාවලියට, දැනට කණිෂ්ඨ (වයස අවුරුදු 20න් පහළ) සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව, ශ්‍රීමත් ජෝන් ටාබට්, සමස්ත ලංකා පාසල් හා කණිෂ්ඨ ජාතික ශූරතාවලිවල අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සහභගිවීමේ අවස්ථාව සලසා ඇත.

සෙනසුරාදා පෙරවරු 6 සිට 9 දක්වා කාලය තුළ තරග ඉසව් පැවැත්වෙනු ඇති.

පහත සඳහන් තරග ඉසව් මෙම තරගාවලියට ඇතුළත් නොවන බවත් කරුණාවෙන් සලකන්න.

බාලක
මීටර් 5000 , මීටර් 3000 බාධක දිවීම, මීටර් 10000, මීටර් 400 කඩුලු , යගුලිය විසිකිරීම, මිටිය විසිකිරීම

බාලිකා
මීටර් 5000, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම , මිටිය විසිකිරීම

2001 වසරේ ජනවාරි පළමු වැනිදාට පෙර උපන් බාලක බාලිකාවන්ට මෙම තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමිනොවේ.

පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ අනුව තරග කිරීමේ අවස්තාව ලැබේ.

වැඩි විස්තර ලබා ගැනීම සඳහා සුනිමල් රූපසිංහ මහතා අමතන්න 0777901422

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org