කෝටි ගණනින් මුදල් ගෙවු මුම්බායි මැරතන් තරගය

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala

අද උදෑසන නිමාවට පත්වූ ටාටා මුම්බායි මැරතන් 2020 සඳහා ප්‍රමාද වූ එකතු කිරීමක් වන ඉතියෝපියානු ජාතික ,දෙරරා හරිසා (Derara Hurisa), සියල්ලන් මවිතයට පත් කරමින් එම තරගය ජයග්‍රණය කරේ නව තරග වාර්තාවක් වන පැය 2යි මිනිත්තු 08කුත් තත්පර 09ක කාලයක් වාර්තා කරමින්.

ඉන්දියාවේ මෙතෙක් එක්රැස් වූ ශක්තිමත්ම පිරිමි මැරතන් පිටිය ඉදිරිපිටට පැමිණීම සහ ඉන්දියානු භූමියේ මෙතෙක් දැක ඇති වේගවත්ම මැරතන් ධාවනය කිරීම සඳහා වූ ත්‍යාගයක් ලෙස හරිසාට ඔහුගේ විශාලතම වැටුප් දිනය උදා වුයේ ඇමරිකානු ඩොලර් 45,000 ක ජයග්‍රාහී චෙක්පතක් සහ ඇමරිකානු ඩොලර් 15,000 ක තරග වාර්තා ප්‍රසාද දීමනාවක් සමග ඇමරිකානු ඩොලර් 60000 ක ජයග්‍රාහී තෑගි මුදලක් සමගින් . ඇත්ත වශයෙන්ම, ඔහුගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ඉරිදා ලබාගත් මුදල ඔහුගේ පෙර වෘත්තීය ජීවිතය පුරාම සාක්කුවට දමා තිබූ මුදලට වඩා වැඩිවිය .

ඊට අමතරව, ඔහුගේ ජයග්රහණය ලබා ගත්තේ ඉල්ලා ගත් රේසිං සපත්තු යුගලක් පැළද ධාවනයේ යෙදෙමෙනුයි
“මම සතිය මුලදී අඩිස් අබාබා සිට මුම්බායි දක්වා ගමන් කරමින් සිටියදී මගේ සපත්තු අස්ථානගත වුනා . එබැවින් මම මගේ මිතුරා වූ ඒබ්‍රහම් ගිර්මා (ටාටා මුම්බායි මැරතන් තරඟයේද සිටි) වෙතින් සපත්තු යුගලක් ඉල්ලා ගත්තා . මම ඊයේ පළමු වරට තමා ඒවා භාවිතයෙන් ධාවනයේ යෙදුනේ . මුදල් සම්බන්ධයෙන් ගත් කල, මම සිතුවේ හොඳින් දිවීම සහ තරඟය අතරතුර ජයග්‍රහණය කිරීමට උත්සාහ කිරීම ගැන පමණයි. නමුත් දැන් මම පැහැදිලිවම මම ඒ සමඟ කුමක් කරන්නද කියලා සැලසුම් කල යුතුයි “. හරිසා කියා සිරියා .
ඉරිදාට පෙර, 22 හැවිරිදි හරිසාගේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණය වූයේ මීට වසර හතරකට පෙර අප්‍රිකානු වයස අවුරුදු 20න් පහල රට හරහා දිවීමේ ශූරතාවලියේදී රිදී පදක්කම ලබා ගැනීමයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org