ඔලිම්පික් ලේකම් මලල ක්‍රීඩා කණ්ඩායමට දෙහි කපයි.

By www.ceylonathletics.com | | Sinhala

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ මලල ක්‍රීඩා කණ්ඩායමට නවාතැනක් නොලැබීම සම්බන්ධයෙන් වාර්තා පල වීම සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවකදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා  අදහස් පළ කළේය.
මෙවැනි සිදුවිය හැකි බව තමන් මීට පෙර සියලුම කණ්ඩායම් කළමනාකරුවන් සහ කණ්ඩායම් වලට දැනුම් දී තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

මලල ක්‍රීඩා කණ්ඩායමට 80 පමණ කණ්ඩායමක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවඥාවෙන් පිලිතුරු දුන් ඔහු පදක්කම් දිනා පෙන්වන ලෙසද අභියෝගයක් එල්ල කිරීම කණගාටුදායකය.

“මලල ක්‍රීඩා කණ්ඩායම අරක නෑ මේක නෑ කියන්න කලින් පදක්කම් දිනල පෙන්⁣නන්න ඕන අපෙනුත් කට්ටිය අඩු කරල එයාලගේ 80 ක් ⁣ගෙනාවෙ.”

අපෙනුත් කට්ටිය ලෙස පැවසූවේ නිළධාරීන් හා වන්දනා නඩය සම්බන්දවයි.

මෙලෙස සඳහන් කිරීමෙන්ව මොවුන්ගේ ක්‍රීඩාවට ඇති ලැදියාව හා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැන ඇති දැනුම පසක් වේ.

දිගින් දිගටම නේපාල සංවිධායකයන් මත වරද පැටවුවද මලල ක්‍රීඩා කණ්ඩායමේ නවාතැන් අවුල අද වනවිටත් විසඳා නැත. අද දිනයේත් ඔවුන් හට හෝටල් මාරු කිරීමට සිදුවිය.

දකුණු ආසියානු උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගෙන ඇත්තේ මලල ක්‍රීඩාවෙනි.

 

 

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org