Video: මලල ක්‍රීඩාවේ පළමු දිනයෙන්ම පදක්කම් 6ක් නිලානීගෙන් රන් පදක්කමක් 

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ආරම්භ වූ, අද දවසේ රන් පදක්කමක් ඇතුළුව පදක්කම් හයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

නිලානී රත්නායක තමන්ව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට වටිනාකමක් ලබා දෙමින් මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා දීමට සමත් වූවාය. මීටර් 3000 ඉසව්ව තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව ඇයට දකුණු ආසියානු ක්‍රීඩා දොර වැසුනද, හිරුණි විජේරත්න විසින් නිලානීට මීටර් 5000 ඉසව්ව ලබා දීම හේතුවෙන් සාග් කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව නිලානීට හිමිවිය.

එසේම මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමි නිමාලී ලියනාරච්චි හදිසියේ අනතුරකට ලක්වීම හේතුවෙන්, ඇයට තරගාවලියෙන් ඉවත් වූ අතර, නිලානීව ඒ වෙනුවට මීටර් 1500 ඉසව්වට ඇතුළත් කළේය.

මේ අතර, කාගේත් අවධානයට ලක්වූයේ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරන මීටර් 100 ඉසව් වෙතයි.

මෙහි පිරිමි ඉසව්වේ දී, පසුගියවර ශූරයා වූ හිමාෂ ඒෂාන්ගෙන් කිරුළ උදුරා ගැනීමට මාලදිවයින් ක්‍රීඩක සයිඩ් හසාන් සමත් වූයේ අවසන් රේඛාවේ දී හිමාෂව අභිබවා යමිනි. හසන් තත්පර 10.49 ක කාලයක් වාර්තා කළ අතර, හිමාෂ වාර්තා කළ කාලය තත්පර 10.49 ක් වේ.

එහි කාන්තා ඉසව්වේ දී ප්‍රභල ඉන්දියානු ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වෙමින් අමාෂා ද සිල්වා හා ලක්ෂිකා සුගන්ධී තරග කළ අතර, අවසන් රේඛාවේ දී ඉන්දියානු ක්‍රීඩිකාව වූ අර්චනා සුසීන්ත් තත්පර 11.80 ක දක්ෂතාවක් සමගින් රන් පදක්කම දිනා ගත්තාය. මෙහිදී අමාෂා තත්පර 11.82 වාර්තා කරමින් රිදී පදක්කමත් පුද්ගලික හොඳම කාලය ලෙස තත්පර 11.84 ක දක්ෂතාව දැක්වූ ලක්ෂිකා සුගන්ධී ලෝකඩ පදක්කමත් දිනා ගත්තාය.

13th SAG Games 2019 – Athletics Schedule
3rd Dec. 2019 Day 1
1500m M Final Lakmal 4th – 4:00.60sec
Kupun 6th – 4:13.29sec
High Jump M Final Ushan 4th – 2.10m
Sanju 7th -1.95m
1500m F Final Nilani – Gold – 4:34.34sec
Gayanthika – 4th
High Jump F Final Dulanjalee – Silver – 1.69m
100M M Final Himasha – Silver – 11.50sec
Vinoj – 6th – 11.72sec
100M F Final Amasha – Silver – 11.82sec SB
Sugandi – Bronze – 11.84 PB
10000M F Final Nilanthi Lanka – Bronze – 35:59:02mins
Hiruni – 4th – 36:22:85mins

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org