නේපාලය බලා ගිය කණ්ඩායම් දිල්ලි දූවිල්ලට හසුව මහ මග

By www.ceylonathletics.com | | Sinhala

මෙරටින් අද අළුයම නව දිල්ලිය හරහා නේපාලය බලා පිටත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට නවදීල්ලියේ දී ඇබැද්දියකට මුහුණ දීමට සිදුව තිබේ.

මෙරටින් පැයකට අධ්ක පමාවකින් ගුවන් ගත වූ යානය නවදිල්ලියේ පැවති අධික දූවිලි සහිත සුලං තට්ටුව හේතුවෙන් ජායිපූර් වෙත හරවා යවා ඇත. ජායි පූර් හී පැය 4කට අධික කලෙයක් නවත්වා තබා නැවත පරිසර තත්වය යහපත් වීමෙන් පසුව දිල්ලිනුවරට ළඟා වී ඇත.

මෙම ක්‍රීඩක ක්‍රීඩ්කාවන් අතර හෙට තරග වැදීමට නියමිත ටේබල් ටෙනිස් කණ්ඩායම ඇතුළත් ව ඇත.

දිල්ලියට පැමිණීමෙන් පසුව නේපාලය බලා ගමන් කිරීමට ගුවන් යානා නොමැතිවීම මත නැවත අපහසුතාවට ලක්ව තිබේ.

මේ අතරට මලල ක්‍රීඩා පුහුණුකරුවන් පිරිසක්ද ඇතුළත් වන අතර ඔවුන් සිය පුද්ගලික මුදලින් තරගාවලියට එක්වෙයි.

කොළඹින් ඊයේ නේපාලය දක්වා සෘජු ගුවන් යානයක් කුලී පදනම මත ගෙන ගියද එහි ක්‍රීඩක ක්‍රීඩකාවන්ට වඩා අමත්‍යාංශ නිළධාරීන් හා විශේෂ දූත පිරිස් වෙත ප්‍රමුඛතාව දී තිබිණ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org