සාග් ගිහින් මහ පාරට වැටුණු ක්‍රීඩකයා

By www.ceylonathletics.com | | Sinhala

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඊයේ නවාතැන් පහසුකම් සපයා ගැනීමේ දී අපහසුතා රැසකය මුහුණ පෑමට සිදුව තිබේ.

මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට නේපාලය බලා පිටත්ව ගිය කණ්ඩායම මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට පමණ නේපාලයට ළඟා වුවද ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයට ළඟා වන විට රාත්‍රී 9.00 පමණ වී තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම එම නවාතැනට ගිය පසු සම්පූර්ණ කණ්ඩායමට එහි නවාතැන් ගැනීමට ඉඩකඩ නොමැති බව වැටහී තිබේ.

කාමර 34 ක් මලල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් වෙන්කර ඇති බව පවසා තිබුණද එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62 කට හා පුහුණුකරුවන් සහායක කණ්ඩායමට ඉඩකඩ නොමැති වීම හේතුවෙන් අපහසුතාවට ලක්ව ඇත.

ක්‍රීඩිකාවන් එම ⁣පරිශ්‍රයේ රැඳවුවද ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්ට වෙනත් ස්ථාන ලබා දී ඇත්තේ ඉනි පැය කිහිපයකට පසුවවේ.

ක්‍රීඩා උළෙලට සහභාගීවන කණ්ඩායමට අවශ්‍ය නවාතැන් පහසුකම් හා වෙනත් පහසුකම් සැලසීම සංවිධායක මණ්ඩලයේ වගකීම වුවද, නිසි ලෙස අදාල අවශ්‍යතා සැලසී ඇද්දැයි සොයා බැලීමට මෙරට බළධාරීන්ටද වගකීමක් තිබේ.

තරගාවලියට ⁣පෙර නොයෙක් වාරවල නේපාලය බලා ගිය මේ පිරිස් අවම වශයෙන් මෙම නවාතැන් වෙත ගොස් ප්‍රමිතියෙන් යුතුද යන්නවත් සොයා බලා නොමැති බව මෙම සිදුවීමෙන් ගම්‍යවේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන විශාලම කණ්ඩායම ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 ක් හා පුහුණුකරුවන් හා සහාය කණ්ඩායම සහභාගී වන අතර වැඩිම පදක්කම් සංඛ්‍යාවද එම කණ්ඩායමෙන් බලාපොරොත්තු වේ.

https://facebook.com/story.php?story_fbid=793921681048043&id=444744385565109

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org