නිලානී රත්නායකට ලෝකෙන්ම පස්වැනි තැන

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලේ අද පැවති මීටර් 3000 බාධක දිවිමේ කාන්තා ඉසව්වට සහභාගීවූ නිලානී රත්නායක 5 වැනි ස්ථානය හිමිකරගත්තාය.

ඇය මිනිත්තු 9:48.38 ක දක්ෂතාවක් දැක්වූ අතර, එය අය පුද්ගලිකව වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව ද වේ.

නිලානීගේ හොඳම දක්ෂතාව ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකා වාර්තාව ද වන මිනිත්තු 9.46.76 ක දක්ෂතාවකි.

මෙම තරගයේ රන් රිදී ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩිකාවන් තිදෙනාම තරගාවලි වාර්තාව අභිබවා යෑමට සමත් වීම විශේෂත්වයක් වූවාය.

මෙහි රන් පදක්කම දිනා ගත් බහරේන් ක්‍රීඩිකා යාවි වින්ෆ්‍රඩ් ලෝක ශ්‍රේණිගත කිරීම් හී 6 වැනි ස්ථානයේ පසුවන අතර, දෙවැනි ස්ථානය හිමි වූ ස්ලෝවේනියාවේ මිස්මස් මරුසා ලෝක ශ්‍රේණිගත කිරීම්හි 15 වැනි ස්ථානයේ පසුවනවා.

තුන්වැනි ස්ථානය හිමි වූ ඇල්බේනියාවේ ගෙගා ලිවිසා පසුවන්නේ ලෝක ශ්‍රේණගත කිරීම් හී 13 වැනි ස්ථානයේයි.

පස්වැනි ස්ථානයට පත් වූ නිලානී රත්නායක පසුවන්නේ ලෝක ශ්‍රේණගත කිරීම් හී 43 වැනි ස්ථානයේයි.

1
 Bahrain
YAVI WINFRED
9:19.24
2
 Slovenia
MISMAS MARUSA
9:24.47
3
 Albania
GEGA LUIZA
9:26.35
4
 Kenya
MERCY WANJIRU GITAHI
9:39.58
5
 Sri Lanka
RATHNAYAKA UDA KUBURALAGE NILANI
9:48.38
6
 United States
TANUI SUSAN
10:53.12
7
Venezuela
CANIZALEZ ELAINE
12:28.81
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org