අරුණ, නදීෂා හා ධනංජය අවසන් තරගයට – හිමාෂ චානුක අවසන් පූර්ව වටයට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ විය.

මෙහි මීටර් 400 කාන්තා ඉසව්වට හා එහි පිරිමි ඉසව් සඳහා සහභාගීවූ නදීෂා රාමනායක හා අරුණ දර්ශන අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මීටර් 400 මූලික වටයේ තුන්වැනි තරගයට සහභාගීවූ නදීෂා සිව්වැනි ස්ථනයට පත් වෙමින් තත්පර 53.87 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය.

එම තරගය ජයගත් පෝලන්ත ක්‍රීඩිකාව මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ද නියෝජනය කළ ක්‍රීඩිකාවක් වූ අතර, දෙවැනි ස්ථානයට හා තුන්වැනි ස්ථානයට පත් වූ රුසියානු හා යුක්රේන ක්‍රීඩිකාවන් ද ලෝක මට්ටමේ දක්ෂතා අතර පසුවන පුද්ගලික හොඳම දක්ෂතාව තත්පර 51 හා 52 අතර, කාලයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් වේ.

1 7 2148
 Poland SWIETY ERSETIC JUSTYNA
52.50 Q
2 3 2172
 Russia AKSENOVA KSENIIA
52.57 Q
3 4 2215
Ukraine KLYMIUK KATERYNA
53.07
4 5 2194
Sri Lanka RAMANAYAKA NADEESHA
53.87
5 6 2142
Nepal KHATRI TULASA
59.57

මූලික වටයේ තරග තුනේ පළමු ස්ථාන දෙක හිමිකරගත් ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින් හා උපරිම දක්ෂතා දක්වා සිටි ක්‍රීඩිකාවන් තෝරා ගැනීමෙ දී, නදීෂාට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවිය.

එම ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගීවූ උපමාලිකා රත්නකුමාරීට සිව්වැනි ස්ථානය හිමිවූ අතර, ඇයට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූයේ නැත.

මේ අතර, එහි පිරිමි මූලිකවටය් ඉසව්වේ දී, තුන්වැනි තරගය තත්පර 47.05 ක කාලයක් වාර්තා කරමින් ජයගත් අරුණ දර්ශනටද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ලැබිණ.

මූලික වටයේ තරග 6 ක් පැවති අතර, පළමු ස්ථාන 6 ලබා ගන්නා ක්‍රීඩකයන්ට අමතරව හොඳම දක්ෂතා පදනම් කරගනිමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

1 6 1476
 Sri Lanka ARUNA DHARSHANA
47.05 Q
2 4 1397
 Oman AL BOUSAIDI OTHMAN ALI HILAL
47.10
3 5 1161
 Dominican Republic FELIZ LIDIO ANDRES
47.45
4 7 1306
 ROK KIM JAEDEOK
50.01
5 8 1369
Myanmar TUN NAING LIN
51.45
6 2 1588
Zimbabwe MPOFU CADWELL
51.49

අද පැවැති දුර පැනීමේ මූලික වටයේ තරගවල දී ඒ කාණ්ඩයෙන් තරග කළ ග්‍රේෂන් ධනංජය මීටර් 7.63 ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයේ තම ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය. එහි බී කාණ්ඩයෙන් තරග කළ ප්‍රසාද් විමලසිරිගේ පළමු පිමි දෙක අසාර්ථක වීය. ඔහු තුන්වැනි තුන්වැනි පිම්මේ දී දක්වූ දක්ෂතාව වූ 7.37 ක දුර ප්‍රමාණය පළමු ක්‍රීඩකයන් 12 අතරට පැවිසීමට ප්‍රමාණවත් වූයේ නැත. ප්‍රසාද්ට හිමි වූයේ සමස්ත තරගයේ 14 වැනි ස්ථානයයි.

මේ අතර, අද පැවති මීටර් 100 මූලික වටයේ පළමු තරගයට සහභාගීවූ චානුක සන්දීප තත්පර 10.61 ක දක්ෂතාවක් දක්වමින් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එහිදී ඔහු හමුවේ පරාජය වූයේ, 2017 වසරේ දී ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම දිනාගත් ඉරානයේ හසාන් ටෆ්ටියාන්. පළමු වරට ජාත්‍යන්තර තරගාවලියක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ චානුකට එම ජයග්‍රහණය සිහිවටනයක් වනු ඇත.

1 5 1478
 Sri Lanka
CHANUKA SANDEEPA DHARMAKEER
10.61 Q
2 6 1270
 Iran
TAFTIAN HASSAN
10.70 Q
3 9 1299
ROK
CHO KYU WON
10.82 Q
4 4 1124
 Cameroon
MAYOUMENDAM ZOUNEDO
10.83 Q
5 8 1241
 Hungary
KADASI ZALAN
10.99
6 2 1246
 Indonesia
LUMAIN FERNANDO
11.02
7 7 1196
 Finland ALATUPA KONSTA
11.07

මේ අතර, එහි තුන්වැනි මූලික තරගයට සහභාගීවූ හිමාෂ ඒෂාන් සිව්වැනි ස්ථානය හිමිකරගත්තේ තත්පර 10.62 ක දක්ෂතාවක් දක්වමින්, ඔහු ද එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අද පස්වරුවේ දී මීටර්  400 හා මීටර් 100  අවසන් තරග පැවැත්වේ.

මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වට සහභාගීවූ නිලානී රත්නායක 5 වැනි ස්ථානය හිමිකරගත්තාය.

ඇය මිනිත්තු 9:48.38 ක දක්ෂතාවක් දැක්වූ අතර, එය අය පුද්ගලිකව වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව ද වේ.

ඇයගේ තරගය ගැන තොරුතුර සඳහා පිවිසෙන්න.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org