පෝලන්තයට වාසනාව ගෙනා පිරිමි මිටිය

By www.ceylonathletics.com | | IAAF, Latest News, Sinhala

ඔලිම්පික් පදක්කම් අහිමි මිටිය විසිකරන්නා සහ සිව්වැනියා වෙමින් ලෝකඩ පදක්කම ලැබූ වාසනාවන්තයා

කටාර් හී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මිටිය විසි කිරීමේ පිරිමි ඉසව්වේ දී, පෝලන්තයේ පවෙල් ෆඩෙක් සිව්වැනි වරටත් ලෝක ශූරයා බව තහවුරු කිරීමට සමත් විය.

2013, 2015,2017 හා මෙවර ලෝක ශූරතා සියල්ලේ දීම රන් පදක්කම් දිනා ගත් පවෙල් ෆඩෙක් තවමත්, ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට සමත්නොවූ ක්‍රීඩකයෙකුවේ. ඔහු 2012 හා 2016 වසරේ දී ද ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට හෝ සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අවසනාවන්ත ක්‍රීඩකයෙකි.

HONOURS – WORLD CHAMPIONSHIPS
PLACE DISCIPLINE MARK WIND PLACE DATE
1. Hammer Throw 80.50 Khalifa International Stadium, Doha (QAT) 02 OCT 2019
1. Hammer Throw 79.81 Olympic Stadium, London (GBR) 11 AUG 2017
1. Hammer Throw 80.88 National Stadium, Beijing (CHN) 23 AUG 2015
1. Hammer Throw 81.97 Luzhniki, Moskva (RUS) 12 AUG 2013

මෙම තරගයේ රිදී පදක්කම ප්‍රංශයේ ක්වෙන්ටින් බිගොට්ට හිමි වූ අතර, හංගේරියාවේ බෙන්ස් හාලාස්ට ලෝකඩ පදක්කම හිමි විය. (තරග ප්‍රථිඵලය පහතින්)

සිව්වැනියාටත් ලෝකඩ පදක්කමක්

මෙම තරගයේ සිව්වැනි ස්ථානය හිමිවූ පෝලන්තයේ වෝසා නොවිස්කි වෙත ලෝකඩ පදක්කමක් පිරිණැමීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ ලෝකඩ පදක්කම හිමිකරගත්  හංගේරියාවේ බෙන්ස් හාලාස්ගේ පළමු විසි කිරීම නීති විරෝධී විසිකිරීමක් බව පසුව තහවුරු වීම හේතුවෙනි.

පොලන්තය විසින් තරගයෙන් අනතුරුව යොමු කළ ඇපෑලක් මගින් පෙන්වා දී ඇත්තේ,  හංගේරියාවේ බෙන්ස් හාලාස් ගේ පළමු විසිකිරීම නීති විරෝධී වීම හේතුවෙන් පෝලන්තයේ වෝසා නොවිස්කි වෙත ලෝකඩ පදක්කම ලබා දිය යුතු බවයි.

නමුත් තරත තීරකයන් විසින් ක්‍රීඩකයන් දෙදෙනාටම සාධාරණයක් සිදුකරමින් දෙදෙනාටම ලෝකඩ පදක්කම පිරිණැමීමට පියවර ගෙන ඇත.

පෝලන්තයේ වෝසා නොවිස්කිගේ පළමු විසි කිරීම නීති විරෝධී වූවානම්, ඔහු ඉන් පසු නීති විරෝධී විසි කිරීම් 3ක් යොමු කර තිබීම හේතුවෙන් තරගයෙන් ඉවත් කිරීමට පවා ඉඩ තිබිණ. නමුත් ඒ වනවිට ඔහු ඒ බව නොදැන සිටීම හේතුවෙන් මෙලෙස දෙදෙනාටම ලෝකඩ පදක්කම පිරිණැමීමට කටයුතු කර තිබේ.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org