Video: පෙරුම්පුරා දිනූ පදක්කම විපතට පත්වූවන්ගේ සතුටට කැප කළ විදූෂා ලක්ෂානී
|23 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට තුන්පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමි විදූෂා ලක්ෂානී සමත් වූවාය.
මීටර් 13.53 ක දක්ෂතාවක් දක්වමින් විදූෂා ලෝකඩ පදක්කම දිනා ගත්තේ දකුණු ආසියානු පදක්කමකට පසුව දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම ලෙසයි.
ආසියානු ශූරතා තරගාවලියට සහභාගී වීම සඳහා මීටර් 13.60 ක පරිසාධන මට්ටමක් පසුකිරීමට අවශ්‍ය වුවද, ඇය මීටර් 13.28 ක උපරිම දක්ෂතාවක් දක්වා සුදුසුකම් ලැබීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූව ද විදූෂා මානසිකව ශක්තිමත්වෙමින් මෙම ජයග්‍රහණය වාර්තා කළාය.
ඇය තරගාවලියට පැමිණීමට පෙර ද අප සමග අදහස් දක්වමින් කියා සිටියේ උපරිම දක්ෂතාවට ළඟා වුවහොත් පදක්කමක් හිමිවනු ඇත යනුවෙනි.
ඇයගේ අදහස් පහතින්
කලු පටියක් පැළඳ තරගයට සහභාගීවූ විදූෂා තරගයෙන් අනතුරුව හැඟුම්බර වෙමින් මේවනවිට රටේ උද්ගතව ඇති තත්ත්වය ගැනද අදහස් ප්‍රකාශ කළාය.
තරගයෙන් අනතුරුව කළ ප්‍රකාශයේ වීඩියෝව හා සම්පූර්ණ වීඩියෝව.
2017 වසරේ අවසනාවන්ත ලෙස ලෝකඩ පදක්කම අහිමිවූ විදූෂා ලක්ෂානී, ඉන් නොනැවතී මෙම ජයග්‍රහණය හිමි කරගැනීම විශේෂතවයක් වේ.
විදූෂාට 2017 ලැබුණු අවාසනාවන්ත තීන්දුව