අවාසනාවෙන් පදක්කම අත් හල තරගය අත් නොහල නිලානී

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි දිනයේ දී, ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ පදක්කමක් අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය. මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවූ නිලානී රත්නායක අවසන් මීටර 50 තෙක් රිදී පදක්කම සඳහා සටනක නිරත වුවද, අවසන් කඩුල්ල තරණය කිරීමට යාමේදී, අවසනාවන්ත ලෙස බිම ඇද වැටුණාය.

නමුත්, ඉන් නොනැවතුන ඇය, නැවත නැගිට තරගය අවසන් කළේ සිව්වැන්නා ලෙසයි. තම ක්‍රීඩා දිවියේ මිනිත්තු 10ට අඩුවෙන් වාර්තා කළ පස්වැනි අවස්ථාව සටහන් කරමින් ඇයගේ තරග නිමි කාලය මිනිත්තු 9.58.33 ලෙස දැක්වින.

තරගය ආරම්භයේ සිට ආසියානුකරයේ පෙරමුණේ පසුවන්නන් සමගින් කරට කර තරගයක් දෙමින්, ඉදිරියෙන්ම තරග වැදීමට ඇය සමත් වූවාය. ඉතියෝපියාවෙන් බහරේන් රාජ්‍යයට ආනයනය කළ ටයිජෙස්ට් (Tigest MEKONEN) ක්‍රීඩිකාව ආරම්භයේ සිට නිලානිගේ ගමන වැලැක්වීමට නොයෙක් උපක්‍රම භාවිතා කළද ඉන් නොසැලුන නිලානී ඔවුන් අභිබවා ඉදිරිය තහවුරු කරගත්තාය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද නියෝජනය කර තිබූ ඉහත සඳහන් කළ ක්‍රීඩිකාවට අමතරව, ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවන් රැසක් එම තරගයට ඉදිරිපත්ව සිටියද අවසන් මීටර 50 වනතෙක් රිදී පදක්කමට අභියෝග කිරීමට නිලානී සමත් වූවාය.

මෙරට පැවැත්වන තරග වලදී, තනිව ක්‍රීඩා කරන ඇය, තම ක්‍රීඩා දිවියේ දී මෙවැනි තරගකාරී තරගාවලියකට සහභාගී වූ තුන්වැනි අවස්ථාව මෙයයි.

2017 ආසියානු ශූරතාවෙන් පසුව, 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ දී මෙලෙස වැඩි ක්‍රීඩිකාවන් ගණනක් සහභාගී වන තරගයකට සහභාගී සිටි ඇය මේ සහභාගී වූයේ තුන්වැනි ජාත්‍යන්තර අත්දැකීම විඳ ගනිමින් පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත්,  තරගය අත් නොහල නිලානී, ශ්‍රී ලාංකිකයෙකුට ද අත්දැකීම් හා පහසුකම් නොමැති වුව ද ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් අභිබවා පදක්කමක් හිමිකරගැනීමේ හැකියාව ඇති බව ඔප්පුකර පෙන්වූවාය.

නොවැටී ඉදිරියට යෑමටත්, ක්‍රීඩා දිවියේ ඉදිරි මග පැහැබර කර ගැනීමටත් නිලානීට අප සුභ පතමු.

???????…

??????? ????? ???????? ??? ?? ?????? ?????? ?????? ????????? ????? ?? ???? ???? ??????? ??????? ??? ?? ??????.????? ?? ???????? ??? ????? ?????????????? ????????? ?????? ???????? 9.58.33 ? ??? ??? ?????? ?????? ?? ??, ?? ??????? ???? ??? ????? ???????? ????????? ?????? ??? ?????.???????? ??????…

Posted by Ceylon Athletics on Tuesday, April 23, 2019

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org