විසි වසක් පැරණි වාර්තාව අලුත් කළ සහාය කණ්ඩායම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් ඉසව්ව ලෙස මීටර් 400 සහාය දිවීමේ කාන්තා අවසන් තරගය පැවැත්වින.

ආසියානු කලාපයේ ප්‍රභල කණ්ඩායම් රැසක් තරග වැදුණු මෙම ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මින් ඉහත එකදු තරගයකට හෝ කණ්ඩායමක් ලෙස තරග කර නොතිබුණ ද, ඔවුන් විශිෂ්ඨ තරගයක් ලබා දීමට සමත් වූවාය.

අප්‍රිකාවෙන් ආනයනය කළ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වූ බහරේන් කණ්ඩායමට අමතරව, ප්‍රභල ඉන්දියාව, ජපානය, චීනය හා වියට්නාමය ද තරග කළ එම අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කිරිමට සමත් වූවාය.

ක්‍රීඩා දිවියේ පළමු වරට ප්‍රධාන තරගාවලියක් නියෝජනය කිරීටම් අවස්ථාව ලැබූ නදීශා රාමනායක හා පසුගිය වසරේ කණිෂ්ඨ ලෝක ශූරතාවට ද සහභාගී වූ ඩිල්ශි කුමාරසිංහ මෙහි දී තම උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කිරිමට සමත් වීම ප්‍රශංසාවට ලක්විය යුතුවේ.

තරගය ආරම්භ කළ නදීෂා රාමනායක සිව්වැන්නා ලෙස ඩිල්ෂි කුමාරසිංහ වෙත යෂ්ඨිය ලබා දුන් අතර, ඩිල්ෂී විශිෂ්ඨ ධාවනයක යෙදෙමින් ජපාන ක්‍රීඩිකාවට පසු පසින් දැවැන්නා ලෙස උපමාලිකා රත්නකුමාරි වෙත යෂ්ඨිය ලබා දීමට සමත් වූවාය. ඩිල්ශි එහිදී බහරේන් ක්‍රීඩිකා ජෙසීමා සමාන් හා ඉන්දියාවේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩිකාව වන පූවම්මා ද පසුකරමින් ඉහත දක්ෂතාව දැක්වීම විශේෂත්වයක් වේ.

තරගයේ තුන්වැන්නා ලෙස අවසන් යෂ්ඨි හුවමාරුවද සිදු වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට පසු පසින් පසුවූ බහරේන් කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් ලබා දීමට එම කණ්ඩායමේ අවසන් ධාවකයා වූ සල්වා නසාර් සමත් වූවාය. ඇය අප්‍රිකාවෙන් ආනයනය කළ ක්‍රීඩිකාවක් වන අතර, මේවනවිට ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ පසුවන ක්‍රිඩිකාවක් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:35.06 ක කාලයක් වාර්තා කරමින් විසි වසරක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය.

පදක්කම බලාපොරොත්තු වුවත්, අවසානයේ ඓතිහාසික මං සලකුණක් වෙත ළඟාවීමට සමත් වීම ගැන සතුටුවන බව කණ්ඩායම සඳහන් කළාය.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org