එංගලන්තයේ උපත ලැබූ හදවතින් ශ්‍රී ලාංකික කඩුලු පනින්නා මිගෙල් පෙරේරා

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

එංගලන්තය වෙනුවෙන් ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙළ නියෝජනය කිරීමේ අරමුණින් සිටින ශ්‍රී ලාංකික පියෙකුට හා බ්‍රිතාන්‍ය මවකට අපන් මිගෙල් පෙරේරා මේවනවිට කඩුලු පැනීමේ ක්‍රීඩාවෙන් එරට උසස් අධ්‍යාපන ආයතන අතර ඉදිරියෙන් පසුවෙයි.

පුද්ගලික හොඳම කාලය ලෙස තත්පර 13.97 ක දක්ෂතාවක් දක්වා ඇති ඔහුගේ එම කාලය මහේෂ් පෙරේරා සතු ශ්‍රී ලංකා වාර්තාව ද අභිබවා යන්නක්.

ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව තිබුණානම් අඩම්භර වන බව පැවසූ මිගෙල් පවසන්නේ, ඒ සඳහා ඇති අවස්ථාව සැක සහිත බවයි.

අප ඔහු සමගින් පිළිසඳරක යෙදුණා.

ඔබ උපත ලැබූවේ ශ්‍රී ලංකාවේ ද ? 

– මම උපත ලැබුවෙ ශ්‍රී ලංකාවේ නොවෙයි, එංගලන්තයේ යි. මගේ පියා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ වාසය කළේ මොරටුව ප්‍රදේශයේ. මම ශ්‍රී ලංකාවට තුන් පාරක් පැමිණියා. මෙහාට වඩා බොහෝ වෙනස්. රස්නෙයි. නමුත් ශ්‍රී ලංකාව දිව්‍ය ලෝකයක්, බොහොම ලස්සන තැනක්.

ඔබ මලල ක්‍රීඩාව ආරම්භ කළේ කෙසේ ද ?

– මම මලල ක්‍රීඩාව අරම්භ කළේ වයස අවුරුදු 9 දී පමණ. ඒ කාලෙ කළේ උස පැනීම හා කෙටි දුර ඉසව්. ඒත් පස්සෙ අවුරුදු 11 දී 12 දී පමණ කඩුලු පැනීමට යොමුවුණා. ඒත් විධිමත්ව පුහුණුවීම් සිදු කළේ උසස් අධ්‍යාපනයට යොමු වුණායින් පසුවයි. මම දැන් ව්‍යාපාර කළමණාකරණය ගැන උපාධිය හදාරනවා.

ඔබට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා ද ?

මම ඇත්තෙන්ම බ්‍රිතාන්‍යය නියෝජනය කරල නෑ. අන්තර් විශ්වවිද්‍යාල තරග සඳහා එංගලන්තය නියෝනය කළා. එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගයක දී පවා මම සහාය දෙන්නෙ ශ්‍රී ලංකා කණ්ඩායමට. අවස්ථාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගෞරවයක්. මගේ භාගයක් මුතුන් මිත්තො අයිති ශ්‍රී ලංකාවට.

ඔබ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් දැනුවත් ද ? 

මම බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ගැන අවධානයෙන් පසුවනවා. මම දැක්ක කණිෂ්ඨ ලෝක ශූරතාවයේ දී අරුණ දර්ශන දැක්වූ දක්ෂතාව. තත්පර 45 කින් මීටර් 400 ඉසව්ව දිවීම එංගලන්තයේ ක්‍රීඩකයන්ටත් ඉතා අපහසු දෙයක්. ඒ වගේම බොහෝ දෙනා ගැන සෝෂල් මීඩියා හරහා දැන්ගන්න අවස්ථාව තිබෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවා ද ? 

දැන් මගේ ඉදිරි බලාපොරොත්තුවල තිබෙන්නෙ. තවත් කාලය වර්ධනය කරගැනීම. ඒ වගේම ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ දී ඉහළ දක්ෂතා දැක්වීම. මම හිතනවා මගේ කාලය තත්පර 13.75 ක කාලයක් දක්වා එහිදී අඩු කරගැනීමට. හැමෝටම වගේ අවසන් ඉලක්කය වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම. ඒ වගේම ලෝක ශූරතා තරගාවලිය වැනි විශාල තරගාවලි වල දී කරට කර තරග කිරීම මගෙත් අවසන් ඉලක්කය ඒක.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org