වතිකානයෙන් පියතුමන් හා කන්‍යා සොහොයුරියන් ගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමක්.

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

ලොව කුඩාම රජ්‍යසේ සැලකෙන ශුද්ධෝත්තම පාප්වහන්සේ වාසය කරන, වතිකානය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කණ්ඩායමක් එක් කිරීමට අවධානය යොමුකර තිබේ.

ඉතාලි ඔලිම්පික් කමිටුව හා වූ එකඟතාවක් අනුව ඔවුන් මෙලෙස තම මලල ක්‍රීඩා කණ්ඩායම ඉදිරියේ දී  පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද, ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේවනවිටත්, වතිකානයේ 60 දෙනෙකුගෙන් පමණ සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමක් සිටින අතර, ඊට කතෝලික හා ක්‍රිස්තියානි පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් මෙන්ම ශුද්ධෝත්තම පාප්වහන්සේට ආරක්ෂාව සපයන ආරක්ෂක අංශ සාමාජිකයන් (Swiss Guards) අන්තර්ගත වන බව වාර්තා වේ.

පසුගිය දා මෙම කණ්ඩායම නිළ වශයෙන් හඳුන්වා දී ම සිදුවිය.

මෙම කණ්ඩායම නුදුරු අනාගතයේ දි ම තරග බිමට පිවිසීමේ සූදානමින් පසුවන බව ද වැඩිදුරටත් සඳහන්.

එසේම වතිකානයේ සේවයේ යෙදෙන පිරිස්ද මෙම කණ්ඩායමට දායකත්වය ලබා දෙන අතර, මෑතක දී සර්ණාගතයන් ලෙස වතිකානයේ ආරක්ෂාව ලද සෙනගාලයේ හා ගැම්බියාවේ මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකුට ද අවස්ථාව හිමිව තිබේ.

වතිකාන මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයන් තමන් සහභාගීවන පළමු නිළ තරගය ලෙස කිලෝමීටර් 10 යුතු මාර්ග තරගයකට ලබන 20 වැනි දින රෝමයේ දී සහභාගීවීමට නියමිතය.

 

Athletes of the Athletica Vatican team pose for the media in front of St. Peter’s Basilica, at the Vatican, Thursday, Jan. 10, 2019. The Vatican has launched an official track team. About 60 Holy See employees are the first accredited members of Vatican Athletics. They include Swiss Guards, priests, nuns, pharmacists and even a 62-year-old professor who works in the Vatican’s Apostolic Library. (AP Photo/Andrew Medichini)

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org