දර්ශාගේ ආසියානු වාර්තාව කැඩූ අඩෙකෝයා තහනම්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු රන් පදක්කම් ලාභිනියක වන බහරේන් නියෝජනය කරන කෙමි අඩෙකෝයා (Kemi Adekoya) තහනම් උත්තේජක භාවිත කර ඇති බවය සනාථ වී තිබේ.

එ් අනුව ඇයට ඒ සඳහා වූ චෝදනා පත්‍රය යොමුකර ඇති බව මලල ක්‍රීඩාව විශුද්ධිකරණය සඳහා වූ ඒකකය (Athletics Integrity Unit) නිවේදනය කරයි.

පසුගිය වසරේ නොවැම්බර් මස දී ඇයට ඉහත චෝදනාව එල්ලවී ඇති බවත්, ඒ සඳහා වු චෝදනා පත්‍රය මෙලෙස යොමු කළ බව ත් එම ඒකකය පෙන්වා දෙයි.

එම වාර්තාව | නිළ ප්‍රකාශය

නයිජීරියානු ජාතිකයෙකු වන කෙමි අඩෙකෝයා 2014 වසරේ සිට බහරේන් රාජ්‍යය නියෝනය කරමින් මීටර් 400 කඩුලු මතින් දිවීම හා මීටර් 400 ඉසව් නියෝජනය කළාය.

පසුගිය දා ඉන්දුනීසියාවේ දී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද කඩුලු මතින් දිවීමේ රන් පදක්කම හා මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම බහරේනයට ලබා දීමට සමත් වූවාය.

2014 වසරේ කොරියාවේ ඉන්චාන් හී දී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 මූලික වටයේ දී තත්පර 51.11 ක දක්ෂතාවක් දක්වමින් අඩෙකෝයා එතෙක් ශ්‍රී ලංකාවේ දමයන්තී දර්ශාට හිමිව තිබූ ආසියානු ක්‍රීඩා මීටර් 400 වාර්තාව තමන් සතු කරගැනීමට සමත් වූවා.

ඒ, දමයන්තී දර්ශා 2002 වසරේ දී බූසාන් හී දී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ දී තත්පර 51.13 ක කාලයකින් සටහන් කළ වාර්තාවයි.

2014 ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයේ වීඩියෝව

 

අඩෙකෝයෝ ගෘහස්ත ලෝක ශූරතා මීටර් 400 ශූරියද වන අතර, 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද නියෝජනය කළ ක්‍රීඩිකාවක්.

ඇයගේ තහනම් උත්තේජක පරීක්ෂා කළ සාම්පල ලබා ගත් අවස්ථාව හා තරගාවලිය සම්බන්ධයෙන් වාර්තා නොවන අතර, යම් හෙයකින් ඒ, ආසියානු ක්‍රීඩා උළෙලේ දී වුවහොත් බහරේනයට පදක්කම් දෙකක් අහිමි වනු ඇත.

එසේම, ඉහත සඳහන් කළ ලේඛණයට අනුව මැදි දුර ධාවන ශූරයෙකු වන බහරේනයේ සදික් මික්හව් ( Sadik Mikhou) ද තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනාවට ලක්ව තිබේ.

මොරොක්කෝ ජාතික යෙකු වන ඔහු 2015 වසරේ සිට බහරේනය නියෝජනය කරයි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org