2018 වසරේ මලල ක්‍රීඩාව දෙස නැවත හැරී බලමු

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

පසුගිය වසරේ දී මලල ක්‍රීඩාවේ නව නැම්මක් ඇති කළ වසරක් ලෙස සැලකිය හැකිය. මේ වසරක පුවත් ගැන නැවත විමසා බැලීමක්. මෙම සටහනට අතුළත් නොවන අවස්ථා ඇත්නම් ඒවා අපවෙත යොමුකරන්න m.me/ceylonathletics24

ජනවාරි 27
වසරේ තරග ආරම්භය සටහන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය දියගම දී ආරම්භ විය.
http://www.ceylonathletics.com/events/commonwealth-games-trials-sri-lanka-2018

පෙබරවාරි 3-4
ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3 ක් දිනා දීමට සමත්විය.

ගයන්තිකා අබේරත්න මීටර් 1500 ඉසව්වෙන් නව (ගෘහස්ත ) ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගත් අතර නිමාලී ලියනාරච්චි 800, උපමාලිකා රත්නකුමාරි 400 හා ප්‍රසාද් විමලසිරි – දුර පැනීම ඉසව්වලින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්විය.
http://www.ceylonathletics.com/2018/02/04/9248

පෙබරවාරි 14
නිලානී රත්නායක මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි.
http://www.ceylonathletics.com/2018/02/14/9281

පෙබරවාරි 18
නිලානී රත්නායකට හා ආර් එම් එස් පුශ්පකුමාරට ක්‍රීඩා අමාත්‍යංශයේ බාධා කිරීමක් හේතුවෙන් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ රන් පදක්කම් අහිමි වෙයි.
http://www.ceylonathletics.com/2018/02/18/9306

පෙබරවාරි 25
හිරුණි විජේරත්න කාන්තා අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි.
http://www.ceylonathletics.com/2018/02/25/9404

මාර්තු 11
ඔලිම්පික් කමිටුවේ කුඩම්මාගේ සැලකිල්ලෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට 12 ක කණ්ඩායමක් නම්කරයි.
http://www.ceylonathletics.com/2018/03/11/9826

මාර්තු 24
එමා ද සිල්වා කාන්තා කවපෙත්ත විසිකිරිමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි.
http://www.ceylonathletics.com/2018/03/25/9933

අප්‍රේල් 9
සුගතදාස ධාවන පථය විවෘත වෙයි.

අප්‍රේල් 10-14
ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට හා කාන්තා මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් රුමේෂිකා රත්නායක පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ට සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සිය උපරිම දක්ෂතාව දැක්වීමට සමත් විය.
http://www.ceylonathletics.com/2018/04/10/9971
http://www.ceylonathletics.com/2018/04/12/10057

අප්‍රේල් 23
කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී අනීතා ජෙගදීශ්වරන් ගෙන් රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවක්.
http://www.ceylonathletics.com/2018/04/23/10074

අප්‍රේල් 26
නව වාර්තා 28 ක් හා ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වෙයි
http://www.ceylonathletics.com/2018/04/26/10133

අප්‍රේල් 27
විනෝජ් සුරංජය ද සිල්වා මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
http://www.ceylonathletics.com/2018/04/27/10159

අප්‍රේල් 29
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන්
http://www.ceylonathletics.com/2018/04/29/10782

මැයි 6
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් ඇතුළුව මුළු පදක්කම් 41 ක් හිමි කර ගනියි.
http://www.ceylonathletics.com/2018/05/08/11376

මැයි 7
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5 ක්.
http://www.ceylonathletics.com/2018/05/07/11203

මැයි 8

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට 12 දෙනෙකුගේ කණ්ඩායම නම් කරයි
http://www.ceylonathletics.com/2018/05/08/11390

මැයි 13
මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක්
http://www.ceylonathletics.com/2018/05/13/11611

මැයි 13
තේරීම් තරගාවලියේ දී ජනක ප්‍රසාද්ගෙන් සුපිරි පිම්මක්,
http://www.ceylonathletics.com/2018/05/13/11590

මැයි 17
යොවුන් ඔලිම්පික් තේරීම් තරගාවලියට 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නම් කරයි.
http://www.ceylonathletics.com/2018/05/17/11662

ජූනි 1
පිලිපීන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් දෙකක්
http://www.ceylonathletics.com/2018/06/01/11910

ජූනි 8
ආසියානු කණිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් සමගින් අරුණට රන් පදක්කමක්
http://www.ceylonathletics.com/2018/06/08/11946

ජූනි 10
ආසියානු කණිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව සුපිරි දක්ෂතා දක්වයි. පදක්කම් 9 ක්.
http://www.ceylonathletics.com/2018/06/10/12149

ජූනි 10
වසර 15 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව හිරුණි විජේරත්න අලුත් කරයි
http://www.ceylonathletics.com/2018/06/10/12111

ජූනි 16
මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව ඉඳුනිල් හේරත් තමන් සතු කරගනී.
http://www.ceylonathletics.com/2018/06/16/12559

ජූනි 17
දකුණු කොරියානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දනුශ්කට දුර පැනීමෙන් පදක්කමක්.
http://www.ceylonathletics.com/2018/06/17/12628

ජූනි 21
ආගමික කටයුත්තක් යැයි කියා සුගතදාස ක්‍රීඩාංගණය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වසා දමයි
http://www.ceylonathletics.com/2018/06/21/12661

ජූනි 30
කණිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට 11 ක කණ්ඩායමක් නම් කරයි.
http://www.ceylonathletics.com/2018/06/30/12751

ජූලි 4
ආසියානු ක්‍රීඩා උළෙලට 25 ක ගෙන් යුත් මූලික සංචිතය නම් කරයි
http://www.ceylonathletics.com/2018/07/04/12814

ජූලි 5
තායිලන්තයේ පැවති තේරීම් තරගාවලියේ දී,  යොවුන් ඔලිම්පික් උළෙලට ආසියාන නියෝනය කිරීමට ශ්‍රී ලංකාවෙන් 4 ක් සුදුසුකම් ලබයි.
http://www.ceylonathletics.com/2018/07/06/12886

ජූලි 15
ලෝක මට්ටමේ තරගාවලියක අවසන් තරගයට සහභාගීවීමේ දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා 4×400 කණ්ඩායමට හිමිවෙයි.
http://www.ceylonathletics.com/2018/07/15/13052

ජූලි 27
කණිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමට පුද්ගලික ආයතන ඉදිරිපත් වන බව කියයි
http://www.ceylonathletics.com/2018/07/15/13052

ජූලි 27
වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශම්මුගෙන් රන් පදක්කමක් හා රුසිරුගෙන් පදක්කම් දෙකක්
http://www.ceylonathletics.com/2018/07/27/13149

අගෝස්තු 3
ජාතික ශූරතා තරගාවලියේ පළමු දිනයේ දී නිලානී රත්නායක හා ගයාන් ජයවර්ධන ශ්‍රී ලංකා වාර්තා දෙකක් අලුත් කරයි.
http://www.ceylonathletics.com/2018/08/03/13195

අගෝස්තු 5
ජාතික ශූරතා තරගාවලියේ දී අජිත් කරුණාතිලක දස ප්‍රයාම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි.
http://www.ceylonathletics.com/2018/08/05/13211

අගෝස්තු 5
ජාතික ශූරතා තරගාවලියේ දී සුගන්ධි ලක්ෂිකා සප්ත ප්‍රයාම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි.
http://www.ceylonathletics.com/2018/08/05/13216

අගොස්තු 5
ජාතික ශූරතා තරගාවලියේ දී ප්‍රසාද්ගෙන් 8.14 ක සුපිරි පිම්මක්, අමිලගෙන් මීටර් 8 පිමි තුනක්
http://www.ceylonathletics.com/2018/08/05/13228

අගෝස්තු 8
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන කණ්ඩායම 14ට අඩුවෙයි
http://www.ceylonathletics.com/2018/08/08/13252

අගෝස්තු 15
නිලධාරීන්ගේ වරදින් උශාන්ට හා මිශ්‍ර සහය කණ්ඩායමට ආසියානු වරම් අහිමි වෙයි
http://www.ceylonathletics.com/2018/08/15/13454

අගෝස්තු 27
ආසියානු ක්‍රීඩා උළෙල – ප්‍රසාද්ට පදක්කම් සිහිනය ගිලිහෙයි, කාලිංග අවසන් අට දෙනා අතරට
http://www.ceylonathletics.com/2018/08/27/13541

අගෝස්තු 28
ආසියානු ක්‍රීඩා උළෙල – නිලානී රත්නායකට 3000 බාධක දිවීමේ 6 වැනි තැන
http://www.ceylonathletics.com/2018/08/27/13580

අගෝස්තු 30
ආසියානු ක්‍රීඩා උළෙල – ශ්‍රී ලංකා වාර්තාවට ලක් වූ ශ්‍රී ලංකා 4×400 කණ්ඩායම සිව්වැනි තැනට පත්වෙයි.
http://www.ceylonathletics.com/2018/08/30/13663

සැප්තැම්බර් 9
ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩකයන්ගෙන්ම උපහාර උළෙලක්
http://www.ceylonathletics.com/2018/09/07/13681

සැප්තැම්බර් 16
තරු රැසක් සමගින් ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වෙයි
http://www.ceylonathletics.com/2018/09/16/13731

සැප්තැම්බර් 28
සුසන්තිකාට නැවත උපදේශක තනතුරක් හිමිවෙයි
http://www.ceylonathletics.com/2018/09/28/13979

ඔක්තෝබර් 1
ජාත්‍යන්තර ක්‍රීඩක වර්ගීකරණයට නව ක්‍රමයක් ( එය පසුව ඉවත් කරන ලදී)
http://www.ceylonathletics.com/2018/10/01/13988

ඔක්තෝබර් 05
පාසල් ක්‍රීඩා උළෙලේ දී නව තරගාවලි වාර්තා 46 ක්
http://www.ceylonathletics.com/2018/10/05/14036

ඔක්තෝබර් 07
විවේක ගැනීමට දිවයිනට පැමිණි ඩැෆ්නි සමග සාකච්ඡාව
http://www.ceylonathletics.com/2018/10/07/14041

ඔක්තෝබර් 13
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක් අතුළුව පදක්කම් 14 ක්.
https://en.wikipedia.org/wiki/2018_Asian_Para_Games#Medal_table

ඔක්තෝබර් 15
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සෙනිරුට සිව්වැනි තැන
http://www.ceylonathletics.com/2018/10/15/14099

ඔක්තෝබර් 16
යොවුන් ඔලිම්පික් උළෙලේ දී පාරමී පදක්කමක් දිනාගනී
http://www.ceylonathletics.com/2018/10/16/14113

ඔක්තෝබර් 28
ජාතික මහා ක්‍රීඩා උළෙල නිමවෙයි
http://www.ceylonathletics.com/2018/10/28/14280

ඔක්තෝබර් 31
යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වෙයි, අරුණ සුපිරි තරු ගොන්නට
http://www.ceylonathletics.com/2018/10/31/14308

නොවැම්බර් 12
අන්තර් ජාතික ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් සඳහා වූ නව ක්‍රියා පිලිවෙත ඉවතට
http://www.ceylonathletics.com/2018/11/12/14489

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org