හිරුණි වසර 15 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි
ඇමරිකාවේ වෙසෙමින් පුහුණුකටයුතු සිදුකරණ හිරුණි විජේරත්න මීටර් 10000 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අද තමා සතුකරගැනීමට සමත්වූවාය.
ඇමරිකාවේ දී පැවැති තරගාවලියකට එක්වෙමින් ඇය අද දැක්වූ දක්ෂතාව මිනිත්තු 33:55:06 ක් වේ. එය මීට වසර 15 කට පෙර සුජීවා නිල්මිණී ජයසේන විසින් මිනිත්තු 33:57:96 ක් ලෙස තබා තිබූ වාර්තාවය.
කාන්තා මැරතන් හා අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන්නේ හිරුණි විජේරත්න වන අතර මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට මීටර් 10000 ඉසව්වෙන් සහභාගීවීමේ සූදානමින් හිරුණී පසුවෙයි.



