ලොව දිනූ පාරමීගේ පියාට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙන් බෝට්ටුවක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලාගේ ජයග්‍රහණය අගය කරමින්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් ඇයගේ පවුල ශක්තිමත් කිරීමට අවධානය යොමුකර තිබේ.

පාරමී ගැන අප පළ කළ ලිපි

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම පාරමීගෙන්
හලාවතින් පැමිණ ආසියාව ජයගත් කටකාර පාරමී කියන්නේ කවුද.. ?
Parami finishes third, Cross Country to decide medal
Video: The full race of 2000m Steeple Chase – Parami Bronze

ඒ අනුව ඇයගේ පියාගේ ධීවර කටයුතු පහසු කරගැනීමේ අරමුණැතිව බෝට්ටුවක් හා එන්ජිමක් ලබා දීම ඊයේ දිනයේ දී සිදුකර ඇත.

දක්ෂතා දක්වන දරු දැරියන් වෙනුවෙන් පහසුකම් සැලසීමේ දී ඇයගේ වටපිටාව හා පවුල ශක්තිමත් කිරීම ද අත්‍යාවශ්‍ය අංගයක් වීම මත, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය හොඳ පූර්වා දර්ශයක් ලබා දී ඇත.

පාරමී මාරිස්ටෙලාගේ පියා වෙත මෙම ප්‍රධානය සිදු කිරීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පළ කර තිබූ අදහස පහත දැක්වේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org