අරුණ දර්ශන නැවත මීටර් 400 වාර්තා පොත් අළුත් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

55 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශුරතාවලියේ සියලු දෙනාගේ අවධානය තත්පර 45.78 ක් තුළ  දිනා ගැනීමට අරුණ දර්ශන සමත් විය. මීටර් 400 පිරිමි අවසන් තරගයට සහභාගීවෙමින් තරගය ජයගනු ඇතැයි කවුරුත් විශ්වාස කළ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා කාර්මික බලකායේ කාලිංග කුමරගේව පරාජය කරමින් අරුණ මෙම දක්ෂතාව දැක්වීය.

19 වැනි වියේ පසුවන අරුණ දර්ශන යුද හමුදා කාලතුවක්කු බලකාය සමග එක්ව තරග කළ පළමු යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය මෙය වන අතර, එහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වීමට සමත් විය.

තරගාවලියේ තොරතුරු 
අරුණ වාර්තා අලුත් කරයි
අකුරම්බඩ අරුණ, මලල ක්‍රීඩාවට අරුණලු කැඳවයි

2005 වසරේ දී ප්‍රසන්න අමරසේකර විසින් පිහිටුවා තිබූ වාර්තාව තමා සතු කරගනිමින් අරුණ දැක්වූ දක්ෂතාව වන තත්පර 45.78 ක කාලය ඔහුගේ පුද්ගලික හොඳම කාලය ද වේ.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී අරුණ විසින් තත්පර 45.79 ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙම තත්පර 45.78 ක දක්ෂතාව තත්පර 0.01 කින් පුද්ගලික කාලය වර්ධනය කර ගැනීමක්.

කාලිංග කුමාරගේ ද තත්පර 46.06 ක දක්ෂතාවක් දක්වමින් සිය පුද්ගලික දෙවැනි හොඳම කාලය සම කිරීමට සමත් විය. ඔහු මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙලේ දී තත්පර 45.99 ක කාලයක් වාර්තා කරමින් හොඳම කාලය වාර්තා කළේය.

තරගයේ වීඩියෝව

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org