අරුණ වාර්තා අලුත් කරයි
කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (26) සමස්ථ ක්‍රීඩා ලොලීන්ගේ වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩකයා වීමට මහනුවර අකුරම්බඩ වීර කැප්පැටිපොල විද්‍යාලය නියෝජනය කළ අරුණ දර්ශන සමත්විය.
වලල ඒ රත්නායක විද්‍යාලයේ මනෝජ් පුෂ්පකුමාර මින් වසර 14 කට පෙර පිහිටුවා ලූ වාර්තාව වූ තත්පර 47.00 ක කාලය අභිබාවා ගිය අරුණ අද වාර්තා කල කාලය තත්පර 46.59 කි.
එසේම දෙවැනි ස්ථානය දිනා ගත් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී එම් කොඩිකාර ද තත්පර 47 කඩයිම පසුකරමින් තත්පර 46.70 ක කාලයක් වාර්තා කළේය.
තෙවැන්නා ලෙස තරගය අවසන් කල කොළඹ නාලන්ද විද්‍යාලයේ පබසර නිකූද විශිෂ්ඨ කාලයක් වාර්තා කරමින් තත්පර 47.17 ක කාලයකින් තරගය අවසන් කළේය.
මෙම ක්‍රීඩකයන් කිහිපදෙනාට එළඹෙන දකුණු ආසියානු
ක්‍රීඩක උළේලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගැනීමේ අවස්ථාව තිබේ.



