චන්ද්‍රිකා සුභාභාෂිනී නැවත කරළියට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

Chandrika Subashini Rasnayake will return after a lapse of two years of injury ridden time eyeing to regain her 400m spot in the national circuit during the senior national trials which will held on 27-28 Mary at Sugathadasa stadium


මීටර් 400 හා 200 ඉසව්වල කලක් ශූරය වූ චන්ද්‍රිකා සුභාෂිනි රස්නායක නැවත ත් තරග බිමට පිවිසීම ජාතික තේරීම් තරගාවලියේ පළමු අදියරේ දී බලාපොරොත්තු වේ.

සුගතදාස ක්‍රීඩාගංණයේ දී පැවැත්වෙන ජාතික තේරීම් තරගාවලියේ පළමු අදියරේ දී චන්ද්‍රිකා මීටර් 400 ඉසව්වෙන් ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට තරග වැදීමට නියමිතය.

ඒ අනුව ජාතික තලයේ මිටර් 400 කාන්තා ඉසව්ව තව දුරටත් තරගකාරී වනු ඇත.

2014 ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්වෙන් සිව්වැන්නා වූ චන්ද්‍රිකාට පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූයේ, නයිජීරියාවෙන් ආනයනය කරමින් බහරේන් නියෝජනය කළ ඔල්වකෙමි අඩෙක්යෝ නිසාවෙනි.

චන්ද්‍රිකාගේ ආගමනයත් සමග උපමාලිකා රත්නකුමාරිට අභියෝගයක් එල්ල වනු ඇති අතර, මේවනවිට මීටර් 400 ඉසව්වෙන් ඉදිරියෙන් පසුවන සෙසු ක්‍රීඩිකාවන්ට ද තරගයක් ලබා දීමේ අවස්ථාව හිමිවනු ඇත.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org