අරුණ වාර්තා අලුත් කරයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (26) සමස්ථ ක්‍රීඩා ලොලීන්ගේ වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩකයා වීමට මහනුවර අකුරම්බඩ වීර කැප්පැටිපොල විද්‍යාලය නියෝජනය කළ අරුණ දර්ශන සමත්විය.

වලල ඒ රත්නායක විද්‍යාලයේ මනෝජ් පුෂ්පකුමාර මින් වසර 14 කට පෙර පිහිටුවා ලූ වාර්තාව වූ තත්පර 47.00 ක කාලය අභිබාවා ගිය අරුණ අද වාර්තා කල කාලය තත්පර 46.59 කි.

එසේම දෙවැනි ස්ථානය දිනා ගත් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී එම් කොඩිකාර ද තත්පර 47 කඩයිම පසුකරමින් තත්පර 46.70 ක කාලයක් වාර්තා කළේය.

තෙවැන්නා ලෙස තරගය අවසන් කල කොළඹ නාලන්ද විද්‍යාලයේ පබසර නිකූද විශිෂ්ඨ කාලයක් වාර්තා කරමින් තත්පර 47.17 ක කාලයකින් තරගය අවසන් කළේය.

මෙම ක්‍රීඩකයන් කිහිපදෙනාට එළඹෙන දකුණු ආසියානු
ක්‍රීඩක උළේලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගැනීමේ අවස්ථාව තිබේ.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org