මීටර් 400 කඩුලු ඉසව්වෙන් කෞෂල්‍යා ශ්‍රී ලංකාවේ තෙවැනි තැනට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වන අද කෞෂල්‍යා මධුශානී පුද්ගලික හොඳම කාලය වාර්තා කරමින් මීටර් 400 කඩුලු පැන දිවීමේ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ආබාදයක් හේතුවෙන් පසුගිය වසරේ දී පුද්ගලික හොඳම කාලය අතරට පිවිසීමට අපොහොසත් වූ ඇය, අද දැක්වූ කාලය වන තත්පර 59.68 ක කාලය වාර්තා අතරට එක්වන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ඉසව්වේ වේගවත්ම කාලය පෙන්වූ තෙවැනි ක්‍රීඩිකාව ලෙසය.

ඇයට පෙර ඇමරිකාවේ වාසය කරන ක්‍රිස්ටින් සොනාලි මෙරිල් තත්පර 56.45 ක් 2013 වසරේ දී දැක්වූ අතර, රසිකා දුලක්ෂි 2015 වසරේ දී තත්පර 59.37 ක දක්ෂතාවක් දක්වා තිබේ.

ඇයගෙන් පසුව අඩුම කාලයක් වාර්තා කළ ක්‍රීඩිකාව ලෙස කෞෂල්‍යා වාර්තා අතරට එක්වේ.

මේ අතර, පසුගිය දා පැවැති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍යාමා දුලානි ද තත්පර 60 සීමාව පසු කරමින් තත්පර 59.83 කින් තරගය අවසන් කර පුද්ගලික හොඳම කාලය වාර්තා කළාය.

අද පැවැති තරගයේ දි දුලානීට හිමි වූයේ දෙවැනි ස්ථානය වන අතර, කෞෂල්‍යා හා දුලානී දක්වන දක්ෂතාවන්ට අනුව ලබන වසරේ දී තව දුරටත් කාලය වර්ධනය කරගනු ඇතැයි විශ්වාසය තැබිය හැක

 

Kawshalya Madhushani

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org