විශ්ව විද්‍යාල ක්‍රීඩා: ඔමායාට රන් පදක්කම් 4 ක්, පාරමීගේ අක්කාට රන් පදක්කම් 2 ක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

අන්තර් විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වූයේ සබරගමුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට ශූරතාව හිමිකරදෙමිනි. මෙහිදී දකුණු ආසියානු පදක්කම් ලාභී ඔමායා උදයංගනී සබරගමුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් රන් පදක්කම් දිනා දීමට සමත් වූවාය. ඇය මීටර් 100, 200 හා 400 ඉසව් නව තරගාවලි වාර්තා සමගින් ජයගත් අතරම මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට ද තම දායකත්වය ලබා දෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට සහය වූවාය.

මේ අතර, මේ දිනවල ජනප්‍රියම මලල ක්‍රීඩිකාව වන යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කමට හිමිකම් කී පාරමී මාරිස්ටෙලාගේ  වැඩිමල් සොයුරිය වන නිශාන්ති දිල්හානී ප්‍රනාන්දු ද මීටර් 800 හා 1500 ඉසව් සඳහා සබරගමුව විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනා දීමට සමත් වූවාය.

2013 වසරේ චීනයේ පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 800 ලෝකඩ පදක්කම දිනා ගත් නිශාන්තී උසස් අධ්‍යාපනය තෝරා ගනිමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි.

තරගාවලියේ ප්‍රථිඵල හා තරග තොරතුරු සඳහා පිවිසෙන්න

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org