ආසියානු කණිෂ්ඨ පදක්කම් ලාභීන් රැකගැනීමට පුද්ගලික සමාගම් එක්වෙයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජපානයේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් 2024 ඔලිම්පික් උළෙල දක්වා රැකබලා ගැනීමට අනුග්‍රාහකයන් පිරිසක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව, ඉදිරි වසර 6 ක කාලය තුළ මසකට එක් ක්‍රීඩකයෙකුට රුපියල් 75000 ක මුදලක් හා පුහුණුකරුවන්ට රුපියල් 20000 ක මුදලක් බැගින් ලබා දීමට සැලසුම් කර තිබේ.

මෙලෙස ඉදිරිපත්ව ඇති ආයතන වන්නේ, ඇක්සස්,  ෆෙයාර් වේ හෝල්ඩිංග්ස්,  සෙලින්කෝ ලයිෆ් , සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂූරන්ස් මෙන්ම නම සඳහන් කිරීමට අකමැත්ත පළ කර ඇති ධානපතියෙක් ලෙස වාර්තා වේ.

ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම අනුග්‍රාහකත්ව ප්‍රධානය කෙරිණ.

ඉදිරි වසර 6 දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නිරීක්ෂණය කරමින්, ඉහත සඳහන් කළ සමාගම් දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් සැකස් කරන බව ද මෙහිදී සඳහන් විය.

ඊට අමතරව ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද, අනුග්‍රාහකයන් සොයා ගැනීමට ද වැඩපිළිවෙලක් ඉදිරියේදී සිදුකිරීමට කටුයුතු කරන බව වාර්තා විය.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සම්පත් ලෙස සලකමින් මින් ඉදිරියේදී පහසුකම් සැලසීමට බලාපොරොත්තුවන බව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් දක්වමින්   පැවසුවේය.

මේ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්, තම සංගමය ගෞරවාන්විත ස්ථානයකට රැගෙන ආ බවයි.

එසේම, ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ හා පුහුණකරුවන්ගේ තාක්ෂණික අවශ්‍යතා වෙනුවෙන් උපකාර කිරීමට එකඟත්වය පළ කළේය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org