වියට්නාමයේදී ශම්මුගෙන් රන් පදක්කමක්, රුසිරුගෙන් පදක්කම් ද්විත්වයක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක් අතුළුව පදක්කම් තුනක් දිනා ගැනීමට සමත්විය.

මීටර් 10000 ඉසව්වට සහභාගීවූ කුමාර් ශම්මුගේශ්වරන් මෙහි දී රන් පදක්කම දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයක් වේ.

පළමුවරට ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වූ යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන ඔහු රන් පදක්කම දිනාගත්තේ මිනිත්තු  32:01.25 කාලයක් වාර්තා කරමිනි.

 

මේ අතර, මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම පළමු දිනයේ දීම හිමිකරගත් රුසිරු චතුරංග මීටර් 1500 ඉසව්වෙන් ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඔහු එහිදී දක්වා ඇති කාලය මිනිත්තු 3:55.66 ක කාලයක් වේ.

රුසිරු මිටර් 800 ඉසව්වෙන් දැක්වූ දක්ෂතාවන් මෙතැනින් කියවන්න.

මේ අතර, මෙම තරගාවලියට සහභාගීවූ උස පැනීමේ ක්‍රීඩක අමිත කසුන්ට හා තුන්පිම්ම ක්‍රීඩක අතීත කරුණාසිංහට බලාපොරොත්තු වූ දක්ෂතා දැක්වීමේ අවස්තාව හිමි නොවීය.

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org