වියට්නාමයේ දී රුසිරුගෙන් රිදී පදක්කමක්, ආබාදයක් හේතුවෙන් කසුන්ට පදක්කම අහිමි වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද (26) දිනයේ තරග බිමට පිවිසෙමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

මීටර් 800 ඉසව්වට සහභාගීවූ රුසිරු චතුරංග මූලික වටයේ දී පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස  මිනිත්තු 1:49.83 දක්ෂතාවක් දක්වා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තද අවසන් තරගයේ දී සුපුරුදු දක්ෂතා දැක්වීමට අපෙහොසත් වුවද රිදී පදක්කමින් සෑහීමට පත්වීමට සමත්විය.

ඔහු අවසන් තරගයේ දී මිනිත්තු 1:52.00 ක දක්ෂතාවක් දැක්වීය.

රුසිරුගේ තරගයේ ප්‍රථිඵලය පහත සඳහන් පරිදි වේ.

122
800m
Men/Nam
Rank Bib. FULL NAME COUNTRY SEED TIME
1 260 DƯƠNG VĂN THÁI NAM ĐỊNH 1:50.62
2 565 RUSIRU CHATHURANGA SRI LANKA 1:52.00
3 541 VILOG MARCO PHILIPPINES 1:53.83
4 550 GIRON EDWIN JR PHILIPPINES 1:54.28
5 411 LÊ THANH HÙNG TP.HỒ CHÍ MINH 1:55.20
6 524 LEE SANGMIN KOREA 1:56.47
7 414 ĐINH TRẦN ĐÔNG TP.HỒ CHÍ MINH 1:57.29
8 153 NGUYỄN TRUNG HẬU BÌNH DƯƠNG 2:18.88
9 262 LA ĐÌNH TUẤN NAM ĐỊNH 2:19.36
266 NGUYỄN MINH HỒNG NAM ĐỊNH DNF

රුසිරු චතුරංග සහභාගීවූ තරගයේ වීඩියෝව

මේ අතර, උස පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවූ අමිත කසුන්ට පාදයේ සිදුවූ ආබාදයක් හේතුවෙන්, අවසනාවන්ත ලෙස තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

ඉදිරියේ දී තරගාවලි රැසක් පැවැත්වීමට නියමිත හේතුවෙන්, ආබාදය උග්‍ර අතට පත්වීම වැලැක්වීම සඳහා මෙලෙස තරගය අත්හැර දැමීමට සිදුවූ බව අප සමගින් අමිත පවසා සිටියේය.

අමිත තරගය සාර්ථකව අවසන් කළේනම් පහසුවෙන් රන් පදක්කම දිනා ගැනීමට ඔහුට අවස්ථාව තිබිණ.

අමිතගේ තරගයේ ප්‍රථිඵලය පහත පරිදි වේ.

119
Nhảy Cao/High Jump
Men/Nam
Rank Bib. FULL NAME COUNTRY SEED MARK
1 369 NGUYỄN THÀNH NHÂN TIỀN GIANG 2.13m
2 457 LƯƠNG MINH SANG BẠC LIÊU 2.07m
3 418 CAO VÕ NGỌC LONG TP.HỒ CHÍ MINH 2.04m
4 567 AMITHA KASUN PATHIRANA SRI LANKA 2.01m
5 420 NGUYỄN LONG CHU TP.HỒ CHÍ MINH 1.98m
6 313 ĐÀO VĂN THỦY QUÂN ĐỘI 1.95m
7 141 HỒ VĂN THIỆN BẾN TRE 1.85m
542 TOLEDO ARIES PHILIPPINES
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org