ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මා පිය කැපකරු ක්‍රමයක් අවශ්‍ය කර තිබේ.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය අතීතයේ පැවති ආකාරයෙන් විරාජමානව නොපැවතීමට හේතු ගණනාවක් බලපා ඇති බව නොරහසකි.

යොවුන් හා කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික තලය ඇල්මැරුණු ස්වභායයක් ගන්නේ, බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් අධ්‍යාපනයට සමුදෙද්දී, ක්‍රීඩාවටත් සමුදී තම අනාගත මංපෙත් විවර කරගැනීම සඳහා යොමවීම හේතුවෙනි.

මෙම තත්ත්වය මලල ක්‍රීඩාවට ද පොදු සාධකයක් වේ.

ජපානයේ පැවැති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගත් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනගෙන් බහුතරය කොළඹ ජනප්‍රිය පාසල්වලින් අධ්‍යාපනය ආරම්භ කළ හෝ නගරාසන්නව ජීවතය ආරම්භ කරවූවන් නොවේ.

ඉන් හැඟෙන්නේ මලල ක්‍රීඩාව කොළඹට බොහෝ දුරින් ආරම්භවී, ජාතික තලයට ඉතා නුදුරින් අවසන් බව වේ.

උපන් ප්‍රදේශය වත්මන් පාසල
අරුණ දර්ශන (Video) ත්‍රිකුණාමලය, සේරුවිල අකුරම්බඩ ජාතික පාසල මාතලේ (*)
පාරමී මාරිස්ටෙලා (Video) හලාවත කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය(*)
ඩිල්ෂි කුමාරසිංහ (Video) දිගන, මහනුවර වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය(*)
අමාෂා ද සිල්වා (Video) පිළිමතලාව,මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය, මහනුවර
පසිඳු කොඩිකාර (Video) කුරුණෑගල මලියදේව විද්‍යාලය කුරුණෑගල
සචිනි දිව්‍යාංජලී (Video) ග්‍රෑන්ඩ්පාස් ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල(*)
රිද්මා නිෂාදී (Video) අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ
තරිඳු දසුන්  (Video) ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල(*)
රවිශ්ක ඉන්ද්‍රජිත් (Video) කඩවත ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය කොටහේන(*)
පබසර නිකූ (Video) කුරුණෑගල නාලන්ද විද්‍යාලය, කොළඹ(*)
රොමේෂී අත්තිඩිය (Video) හෝමාගම ලයිසියම් ජාත්‍යන්තර පාසල, නුගේගොඩ(*)
හර්ෂ කරුණාරත්න(Video) දිගන, මහනුවර වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය(*)
සඳුමිණී බණ්ඩාර (Video) කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලය, කෑගල්ල
ක්‍රීඩා කිරිම සඳහා ඇතුළත් වූ පාසල් වේ.

 

ඉහත පාසල් මගින් මෙම දරු දැරියන් වෙනුවෙන් අනුග්‍රහය දක්වමින් ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කරගැනීමට දායකත්වය දැක්වුවද පාසලින් ඉවත්වන දරුවන් නිරාවරණය වන්නේ සමාජයටයි.

උසස් අධ්‍යාපන කටයුතු සිදුකිරීමට විශ්වවිද්‍යාලයක් වෙත ඇතුළත් වුවද, ක්‍රීඩාවට සමාන්තරව අධ්‍යයන කටුයුතු කරගැනීමේ පහසුකම් මෙරට දී නොලැබීම ද ක්‍රීඩාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අහිමිවීමට බලපා තිබේ.

මේ දරු දැරියන් මේ ගෙවන්නේ පාසල් දිවියේ අවසන් වසර කිහිපයයි. ක්‍රීඩාවෙන් තම වයස් කාණ්ඩයෙන් ඉහළම දක්ෂතා දැක්වුව ද තම අනාගතය වෙනුවෙන් ද යමක් සිදු කරගැනීමේ අවශ්‍යතාව මේ දරුවන්ට නැතුවා නොවේ.

උසස්පෙළ කඩයිම පසුකර උසස් අධ්‍යාපනයට යොමුව උපාධියක් ලබා ගැනීම හා සුදුසු රැකියා අවස්ථාවක් සොනයාගැනීම ඉන් ප්‍රමුඛ වේ. එසේ වුවහොත් ඉහත සඳහන් කල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව අහිමිව යනු ඇත.

දරිද්‍රතාවෙන් පෙළෙන මේ දරු දැරියන්ට වෙනත් මගක් නොවන්නේ, මෙරට ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සාධනය සඳහා ක්‍රමවත් හා දීර්ඝ කාලීන වැඩපිලිවෙලක් නොවීම නිසාවෙනි.

ත්‍රිවිධ හමුදාවේ ආශිර්වාදයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා අනාගතය රැකුනද, වර්ථමානයේ පවතින ක්‍රමයෙන් සාධනීය වෙනසක් සිදු නොවන බව දැකගත හැකිය.

තම හමුදා ඛණ්ඩයට හෝ තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පමණක් අවධානය යොමුකරන බොහෝ පිරිසක් වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිටියි.

කණිෂ්ඨයින් රැකගැනීමට නම්…

පාසල් තලයෙන් ජාතික තලයට තල්ලුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට (ආධුනික) තරගාවලි පැවැත්වීමේ වැඩපිලිවෙලක් තිබිය යුතුය.

වයස් කාණ්ඩ තරගාවලි වලින්, වයස අවුරුදු 23 න් පහළ වයස් කාණ්ඩය මේවන විට ඉවත්ව තිබෙන අතර, ආධුනික තරගාවලියක් නොපැවැත්වීම මත ජාතික තලයේ ඇති තරගකාරීත්වයට මුසුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබෙන්නේ අවම වශයෙනි.

එසේම, පුද්ගලික අංශයේ දායකත්වයෙන් මාපිය කැපකරු ක්‍රමයකට සමාන වැඩපිළිවෙලක් මගින් ක්‍රීඩකයෙකු හෝ ක්‍රමානුකූලව රැකබලා ගැනීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව ඇතිව තිබේ.

නිසි විශ්ලේෂණයකින් හා අධීක්ෂණයකින් තොරව මූල්‍ය අනුග්‍රහයන් හෝ විදෙස් පුහුණුවීම් ලබා දීමෙන් ඉහත අවශ්‍යතාව ඉටුවන්නේ නැත.

රටක් ලෙස අප සිදු කළ යුත්තේ, මේ දරුදැරියන්ගේ ප්‍රශ්න භාරගෙන ඔවුනට මානසික පීඩනයකින් තොරව ක්‍රීඩා කිරීමට ඉඩ හසර සැලසීමවේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාපිය කැපකරු ක්‍රමයක් ඇති කිරීමට මුල පුරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීව දත්ත ලබා දෙන ලෙස ක්‍රීඩා සංගම් මගින් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන්, එම අදහස ක්‍රියාවට නැංවීමෙන් තොරවම යට ගැසින.

මේ දරු දැරියන් සම්බන්ධයෙන් විස්තර දැනගැනීමට අවශ්‍ය වෙතොත් www.m.me/ceylonathletics හෝ ceylonathletics@gmail.com හරහා අප හා සම්බන්ධවන්න.

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org