Video: රනින් ලක්මව සැරසූ අරුණ… උදව් කරපු හා අාශිර්වාද කරපු හැමෝටම ස්තූතියි,

By www.ceylonathletics.com | | Sinhala, Videos

වෙඩි සද්දෙයි කාෂ්ඨක පොළවයි උරුම කරගෙන දිවියේ පළමු වසර කිහිපය ගෙවා දැමූ ආසියාවේ නමගත් ක්‍රීඩක අරුණ දර්ශනට මීළඟ අභියෝගය වී ඇත්තේ, ලෝක ශූරතා තරගාවලියේ පදක්කමයි. ත්‍රිකුණාමලය සේරුවිල දුෂ්කර ගම්මානයක උපත ලබා වන අලි, ත්‍රස්ථවාදීන් හා දරීද්‍රතාව හේතුවෙන් පීඩා විඳි අරුණගේ ජීවිතය වෙනස්වන්නේ අකුරම්බඩ ජාතික පාසලේ සෙවණේ අධ්‍යාපනය හා ක්‍රීඩාව ප්‍රගුණ කිරීමේ අවස්ථාව හිමිවීමත් සමගයි.

ගොවි පවුලක උපත ලද අරුණගේ පියා ගොවිතැනින් දිවිය සරි කිරීමට වෙර දරද්දී, සර්පයෙකු දෂ්ඨ කළ මව වසර දහයක පමණ සිට සුව නොවන තුවාලයක් පයෙහි දරාගෙන දරුවන්ගේ දුක සැප බලමින් සිටින්නීය.

වැඩිමල් සොයුරන් සිවිල් ආරක්ෂකයින් ලෙස සේවයට එක්ව සිටිද්දී, නිවුන් සොයුරන් වන අරුණ හා බාල සොයුරු මලල ක්‍රීඩාවෙන් අනාගතය සොයමින් සිටියි.

“මගේ තාත්තා ගොවිතැන් කරන්නෙ. හුඟක් දුක් විඳිනව අපි වෙනුවෙන්. හොඳ පුහුණුවීමක් කරනවනම් හොඳ කාලයක් දක්වන්න පුුළුවන්.තව කල් තියනව. තව කාලය අඩුකරගන්න පුලුවන්.”

රටක් විදියට අප කළ යුතුව ඇත්තේ, මෙවන් දරු දැරියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩපිලිවෙලක් සකස් කිරීමයි. මූල්‍යාධාර ලබා දෙමින් පමණක් එය සිදුකළ නොහැකි වන අතර ඊට එහා ගිය වැඩසටහනක් අත්‍යාවශ්‍ය වී තිබේ.

 

Asian Junior Athletics Championship 2018 – Gifu, Japan – CeylonAthletics.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org