කණිෂ්ඨ ආසියානු ශූර ශූරියන් හරිසරින් පිළිගැනේ

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජපානයේ පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරු දැරියන් ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියේය.

එහිදී ඔවුන් හරසරින් පිළිගැනීමට, ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩා සංගමය හා අධ්‍යාපන අමාත්‍යංශ නිළධාරීන් පියවර ගෙන තිබිණ.

තරගාවලියේ දී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, එය ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස වාර්තා වේ.

එතෙක් පැවති තරගාවලි 17 දී ශ්‍රී ලංකාව දිනා සිටියේ රන් පදක්කම් 4 ක් ඇතුළුව සමස්ථ පදක්කම් 20 ක් පමණක් වුවද මෙවර තරගාවලියේ දී, දිනාගත් පදක්කම් 9 විශිෂ්ඨ දක්ෂතාවක් ලෙස දැක්විය හැක.

මෙහිදී අදහස් දැක්වූ, රන් පදක්කම් දෙකක් දිනා ගත් අරුණ දර්ශන ප්‍රකාශ කළේ, බලාපොරොත්තුවූ දක්ෂතා සපුරා ගැනීමට තම කණ්ඩායම සමත්වූ බවයි.

අයහපත් කාළගුණ තත්ත්වයත්, ජපානය හා ශ්‍රී ලංකාව අතර වේලාවේ වෙනසත් අභියෝගයක් වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔවුන් පිළිගත් ආකාරය හා අරුණ දැක්වූ අදහස් පහතින් නරඹන්න‍

https://www.facebook.com/CeylonAthletics/videos/536060803456038/

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org