ඉරේෂානී හා සඳරුවන් කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට පිටත්ව යයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු කොරියාවේ යෙචියන් හී දී මෙම මස 16 වැනි දා 17 වැනි දා පැවැත්වෙන, දකුණු කොරියානු විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක සහභාගී වේ.

මීටර් 100 කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකා ඉරේෂානී රාජසේකර, හා දුර පැනීමේ ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.

පසුගිය දා පැවැති දෙවැනි තේරීම් තරගාවලියේ දී තත්පර 13.95 ක දක්ෂතාවක් දැක්වූ ඇය මෙරටින් බිහිවූ සිව්වැනි දක්ෂතම කඩුලු පැන දිවීමේ කාලය වාර්තා කළ ක්‍රීඩිකාව බවට පත්විය.

මින් ඉහත තත්පර 14 ක කාලය අතික්‍රමණය කර තිබුණේ ශ්‍රියානී කුලවංස, සොනාලී මෙරිල් හා ප්‍රදීපා හේරත් පමණි.

ඉරේෂානී මෙන්ම ලක්ෂිකා සුගන්දී ද තත්පර 13.99 ක කාලයක් එම තරගයේදී ම වාර්තා කිරීමට සමත්විය.

වසරක පමණ කාලයක්, ආබාද තත්ත්වයක් හේතුවෙන්, ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ඉරේෂානී නැවත පිටියට පිවිසීමෙන් පසුව තරගවැදුණු පළමු තරගයේ දී ම ඉහත දක්ෂතාව දැක්වීය.

Video: 2nd National Trials 100m Hurdles Finals

මේ අතර, පළමු තේරීම් තරගාවලියේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.99 ක දක්ෂතාවක් දැක්වූ ධනුෂ්ක සඳරුවන්ට ද මීටර් 8 සීමාවට පිවිසීමට මෙම තරගාවලිය පිටුවහලක් වනු ඇත.

පළමු තේරීම් තරගාවලියේ දී, මීටර් 7.99 ක දක්ෂතාවෙන් පසුව සුළු ආබාද තත්ත්වයකට පත්වූ ධනුෂ්කට ශරීර යෝග්‍යතාව තහවුරු කිරීමට ද ඉදිරි තරගාවලිය ඉවහල් වනු ඇත.

ඔහු දැක්වූ මීටර් 7.99 ක දක්ෂතාව මෙම වසර් ක්‍රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳ දක්ෂතාව වන අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම පසු කිරීමක් ලෙසද දැක්විය හැකියි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org