හිතුවක්කාර තීරණයක් නිසා අහිමිවන ආසියානු 4×100 බාලිකා පදක්කම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජපානයේ පැවැත්වෙන ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට මීටර් 100 බාලිකා සහාය කණ්ඩායම එක් කළ යුතු බවට අප දිගින් දිගටම පෙන්වා දුන්නේය. නමුත්, බළධාරීන් හෝ ජාතික තේරීම් කමිටුව හෝ ඒ කෙරෙහි අවධානය යොමු නොකර, පූර්ව තීරණයකට එළඹෙමින් එම කණ්ඩායම එක් කිරීමෙන් වැලකී සිටියේය.

ඒ සඳහා ඔවුන් ගෙන හැර දැක්වූ හේතුව වූයේ, පරිසාධන මට්ටම පසු නොකිරීම හේතුවෙන්, සහභාගී කරවීමේ හැකියාවක් නොවන බවය. පරිසාධන මට්ටම නිර්ණය කර හැකි වනුයේ ක්‍රීඩිකාවන් එක්ව තරග වැදීමෙන් පමණක් වුවද, එහිදී එම ක්‍රීඩිකාවන් එම මට්ටම අසලට පැමිණීම ද නොසලකා හැරීය.

ආසියානු කලාපයේ කණ්ඩායමක් ලෙස ඉහළම දක්ෂතා දැක්වීමට සමත් වූයේ ජපානය පමණක් වන අතර, චීනය හා හොංකොං කණ්ඩායම් ද එක් එක් ක්‍රීඩිකාවගේ දක්ෂතා මත කණ්ඩායම් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

සමස්ථයක් ලෙස ගත් කළ ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කර ඇත්තේ කණ්ඩායම් හතරක් පමණි. එයින්ද මෙම වසරේ දක්ෂතා සැලකීමේ දී, ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් අතර සිටි කණ්ඩායමක් ලෙස දැක්විය හැකිය.

එවන් වටපිටාවක පූර්ව නිගමනයකට එළැඹි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකාවට නියත පදක්කමක් අහිමි කළ බව අවිවාදයෙන් සඳහන් කළ හැක.

මෙවර තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් කර ඇත්තේ, ජපානය, චීනය, හොංකොං හා ජෝර්දානයයි.

හොංකොං කණ්ඩායමේ ක්‍රීඩකාවන් තිදෙනෙකු 11.92, 12.11 හා 12.20 දක්ෂතා දක්වමින් ඉදිරියෙන් පසුවෙයි.

1. මෙම වසරේ දී හොංකොං කණ්ඩායමේ ඉහළ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුව
2. මෙම වසරේ දී චීන කණ්ඩායමේ ඉහළ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුව
3. මෙම වසරේ දී ජපාන කණ්ඩායමේ ඉහළ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුව
4. ජෝර්දාන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සටහන් අතර දැක්වෙන්නේ නැත.
5. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සටහන (මෙම සටහනේ අමාශා සිල්වාගේ නම සඳහන් නොවේ, ඇයගේ හොඳම කාලය 11.92 කි)

ඒ අනුව ගත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සියලු දෙනා එම මට්ටම තුළ සිටීම හෝ බළධාරීන් අධ්‍යයනය කර නොතිබීම කෙරෙහි අවධානය යොමු විය යුතුය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org